ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් SLIM pharmaceutical නැමති සමාගමකට විකුණන ලද අයිතමයන් එම සමාගමින්ම වැඩිමිලට මිලදීගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කරන චෝදනා පදනම් විරහිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් පවසයි.
වසන්ත යාපා බණ්ඩාර පවසන Total parental Nutrition ඖෂධය රජයේ වෛද්‍ය සැපයුම් අංශයට පමණක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කර සපයන ඖෂධයක් බැවින් කිසිදු බාහිර පාර්ශවයකට විකිණීම සිදු කරනු නොලබන බව ද ඔහු අවධාරණය කර සිටී.
එසේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කරන ලද කිසිදු ඖෂධයක් SLIM Pharmaceutical නැමති සමාගමට අලෙවි කර නැති බවත් වෛද්‍ය අජිත් මෙන්ඩිස් අවධාරණය කරයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ අලෙවි කරන්නේ අලෙවි නියෝජිතයකු මාර්ගයෙන් පමණක් බවත් උක්ත සමාගම කිසිදු විටෙක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිතයකු ලෙස කටයුතු කර නැති බවත් සභාපතිවරයා අවධාරණය කර සිටියි.
එබැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව SLIM Pharmaceutical සමාගම වෙත අළෙවි කර නැවතත් මිලදීගෙන ඇතැයි කියන චෝදනාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් කියයි.