බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේක පුදුම රටක්… බිලියන 04ක මත්ද්‍රව්‍ය තොගය රටට ඇනවුම් කර ඇත්තේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධකරුවන් 02ක්!

by editor
ඔක්තෝබර් 24, 2023
in පුවත්
කෝටි 400ක් විටිනා මත්ද්‍රව්‍ය  තොගය...

කෝටි 400ක් විටිනා මත්ද්‍රව්‍ය තොගය...

Share on FacebookShare on Twitter
  • අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ දුරකථන යොදාගෙන ජාවාරම් කරන බවට බුද්ධි අංශ විසින් ටික දිනකට පෙර අනාවරණය කරගෙන

ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය  සිදුකළ විශේෂ මෙහෙයුමකින්    අත්අඩංගුවට ගෙන පෙරේදා (22) දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙන ආ රුපියල් මිලියන 4000ක ( කෝටි 40ක, එනම් බිලියන 04ක)  පමණ වටිනාකමක් ඇති හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 212ක ප්‍රමාණය මෙරටට ඇණවුම් කර  බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙක් බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළ සිට ඇනවුම් කර ඇත්තේ  මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ වරදට අත් අඩංගුවට ගෙන බූස්ස අධි ආරක්ෂිත බන්ධදනාගාරය තුළ රඳවා  සිටින දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ යන මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ අපරාධකරුවන් දෙදෙනෙකි.

මෙම  මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටියත් ජංගම දුරකතන භාවිතා කරමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අනාවරණයකර ගනිමින් කළ දීර්ඝ ආවේක්ෂණයකදී ඔවුන් විසින් කළ මෙම මත්කුඩු ඇණවුම ගැන තොරතුරු හෙළිවී ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඒ අනුව    පොලිසිය හා  නාවික හමුදාව හා එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමක දී  ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91ක් පමණ (කිලෝමීටර් 168ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ  දී මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබිණි.

පකිස්තානු ජාවාරම්කරුවන් විසින් පකිස්තානයේ සිට හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් පිරවූ යාත්‍රාවක් මෙරට ජාවාරම්කරුවන්ට ලබාදීමට ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවට රැගෙන විත් එයින් කොටසක් මෙම බහුදින යාත්‍රාවට පටවා ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

සෙසු මත්ද්‍රව්‍ය තොගය වෙනත් ජාවාරම්කරුවන්ගේ ඇණවුම්වලට අනුව වෙනත් බෝට්ටුවලට පටවා ඇතැයි ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

පෙරේදා (22) ගොඩබිමට රැගෙන ආ යාත්‍රාවේ උර දොළහක් (12) තුළ පාර්සල් එකසිය හැටක (160) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සහ පාර්සල් විසි අටක (28) අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 550ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) තිබුණු බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.

එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් 05 දෙනාද අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26ත් 53 අත‍ර වන දෙවුන්දර සහ කෝට්ටේගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය. ඉදිරි විමර්ශන සඳහා මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එමිල් කාන්තන් සහ මුරුගේසු ශ්‍රි සන්මුගරාජා ඊයේ සිට ත්‍රස්තවාදීන් නොවේ! ආරක්ෂක අමාත්‍යාංශය ඔවුන්ගේ නම් අසාධු ලේඛනයෙන් ඉවත් කරයි!

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා කියන්නේ තේරුමක් නැති බොරු… රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.