fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පානදුර ගිලන් රථ රියදුරා අනූ නවයෙන් බේරුණේ ඝාතකයාගේ ගිනි අවිය අක්‍රීය වීම නිසා…

මාස 4ක් ago
in පුවත්
510 6
0
Share on FacebookShare on Twitter

පානදුර මූලික රෝහල ඉදිරිපිට දෙනෝදහසක් දෙනා බලාසිටියදී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකුට නාඳුනන පුද්ගලයෙක් විසින් අද (27)  එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පානදුර දකුණ පොලීසිය සඳහන් කළේ ගිනිඅවිය අක්‍රීයවීම හේතුවෙන් රියදුරුගේ ජීවිතය බේරී ඇති බවය. එල්ල වුණු වෙඩි ප්‍රහාර ගිලන් රථයට වැදී තිබුණත් රියදුරුට තුවාල සිදුවූයේ නැත.

ගිනිඅවියේ තිබූ ජීව උණ්ඩයක් ගිලන් රථයේ ඉදිරිපස රියදුරු දොර අසල වැටී තිබියදී පොලීසිය විසින් සොයාගෙන  තිබිණි.

මිනීමරුවන්ගේ ඉලක්කය බවට පත් වී සිටි ගිලන් රථ රියදුරා  කළුතර උතුරු තොටුපොළ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

අද පෙරවරු 11.45ට පමණ ඔහු රෝගී කාන්තාවක් රැගෙන පානදුර මූලික රෝහල වෙත පැමිණ ඇත.  එම ගිලන් රථය හඹාගෙන යතුරු පැදි දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙක් පැමිණ ඇත.

ගිලන් රථය රෝහල් භූමියට ඇතුළු කරනවාත් සමගම එක් පුද්ගලයෙකු ගිලන් රථයේ රියදුරුගේ දොර අසලට පැමිණ වෙඩි තැබීම සිදුකර තිබුණි.  ඔහුගේ ආරක්ෂාවට ගිනි අවියක් සහිත තවත් පුද්ගලයෙක්  රොහලේ ප්‍රධාන ගේට්ටුව අසල සිට ඇත.

මේ අවස්ථාවේ ඒ අවට සිටි පිරිස් කලබල වී දැඩි නොසන්සුන්කාරී පරිසරයක්  ඇති වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කර ඇත්තේ වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති නමුත්  ගිනිඅවිය අක්‍රීයවීම හේතුවෙන් ජීව උණ්ඩ  ක්‍රියාත්මක වී නැති බවය.

මේ සම්බන්ධව විමර්ශකයන්ගේ මූලික සැකය යොමු වී ඇත්තේ  කුඩු සළිඳු නැමැත්තාට බව පැවසේ. මෙම කුප්‍රකට ජාවාරම්කරු පොලිසියේ ඉහළම නිලධාරීන් ගණනාවක් සමග සමීප සබඳතා පවත්වමින් සිය ජාවාරම කරගෙන යන බවට පසුගිය වකවානුවේ  පොලිස් විමර්ශකයන්ට තොරතුරු ලැබී තිබිණි.   මේ ජාවාරම්කරු ගිලන් රථයකින් මත් කුඩු ප්‍රවාහණය කිරීමට  කළ සැලැස්මක්  හෙළි  දරවු වීමත් මේ ඝාතන තැතත් අතර සම්බන්ධයක් තිබිය හැකි බවට ඔවුහු විශ්වාස කරති.

මේ අතර  පසුගිය 2021 පෙබරවාරි මස 28වන දින වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් හොරණ දික්හේනපුර ප්‍රදේශයේ දී රුපියල් කෝටි 42ක් පමණ  වීදි වටිනාකමකින් යුතු  හොරෙයින් කිලෝ 42ක් සොයා ගැනීමත්  මේ ඝාතන තැතත් අතර ඇති සම්බන්ධය ගැන ද විමර්ශකයන්ගේ අවධානය යොමු වී තිබේ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

පානදුරේදී මහ දවල් ගිලන් රථයකට වෙඩි

Next Post

අගමැති ගිණුමෙන් සල්ලි හොරකම් කිරීමක් ගැන දන්නෙ නෑ…. – අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්!

Related Posts

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

මැයි 22, 2022

CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

මැයි 21, 2022

බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

මැයි 21, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…
  • CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

ජනප්‍රිය පුවත්

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

    174 shares
    Share 70 Tweet 44
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    241 shares
    Share 96 Tweet 60
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    241 shares
    Share 96 Tweet 60
  • පත්කිරීමට නියමිත කැබිනට් ඇමති ධුර 07බෙදෙන්නෙ මෙහෙමයි….

    239 shares
    Share 96 Tweet 60
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

    228 shares
    Share 91 Tweet 57
  • ඉන්ධන පෝලිමේ සිට අලුයම ගෙදර යන්න ගිය  සූරියවැව කෘෂි පර්යේෂණ නිලධාරියා වනඅලි ප්‍රහාරයකින් මරුට…

    218 shares
    Share 87 Tweet 55

Highlights

“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

හරීන් – මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්….

සී.අයි.ඩී. ය පොලිස්පතිගෙන් කටඋත්තර ගැනීම අරඹයි.!

ප්‍රශ්නය විසඳගන්නව ද?. නැද්ද?. දැන් තීන්දුව තිබෙන්නෙ ජනතාව අතේ…. බලශක්ති ඇමති කියයි!

තෙල් එනව ද නැද්ද දැනගන්න “ෆෝන් ආන්සර්“ කරපියව්!… “ෂෙඩ්“ ලඟ රැය පහන් කරන ජනතාව තෙල් ලොක්කන්ට කියති!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

by editor
මැයි 22, 2022
0

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොහොට්ටුව...

CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

by editor
මැයි 21, 2022
0

පුරා පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist