පාතාල ගැටුමක ප්‍රතිඵලයලක් ලෙස අද (19) ග්‍රෑන්ඩ්පාස් වලදි කුප්‍රකට පාතාල අපරාධකරු පූකුඩුකන්නාගේ ගොලයෙක් ලෙස සැලකෙන පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නවම්පුර සමගි මාවතේ දී යතුරුපැදියකින් පැමිණි කුලී ඝාතකයින් දෙදෙනෙක් විසින් මෙසේ වෙඩි තබා ඇත්තේ මාරිමුත්තු ගනේෂ් රාජා නොහොත් මන්න කන්නා ලෙස හඳුන්වන සත්හිරු සෙවන මහල් නිවාස සංකීරණයේ පදිංචි පුද්ගලයෙකි.
වෙඩි වැදී බරපතල තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. ඔහුගේ හිසට සහ දකුණු අතට වෙඩි වැදී බරපතල තත්ත්වයේ පසුවේ.
මෙම පුද්ගලයා කංජිපානි ඉම්රාන්ගේ පියා කපා කොටා දැමීම සම්බන්ධව චෝදනා ලද සැකකරුවෙක් බව වාර්තා වේ.
මෙම වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙහෙයවන්නට ඇත්තේ පාතාල කාන්තාවක් කුඩු සෙල්වි නැමැත්තියගේ පුතෙක් බව පොලිසිය සැක කරයි. එම අපරාධකරු ද මේ වනවිට විදෙස්ගතව සිටින බව වාර්තා වේ. .







