මේ අය-වැයට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ අවසන් තීරණය ගනු ලබන්නේ සඳුදා (21) දිවයිනට පැමිණෙන බැසිල් රාජපක්ෂ සමග කරන අවසන් සාකච්ඡාවෙන් අනතුරුව බව පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.
මෙතෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ ඇතුළු ප්‍රබල පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපතිවරයාට දන්වා සිටියේ අය-වැයට පෙර ඔවුන් විසින් නම් කරන මන්ත්‍රීවරුන් සහිව කැබිනට් සංශෝධනයක් අවශ්‍ය බවත් එසේ නොවුනහොත් අයවැය සම්බන්ධව ගැටලුවක් ඇති විය හැකි බවත්ය.
එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ බලපෑම මත අය-වැයට පෙර කැබිනට් සංශෝධනය සිදුකළේ නැත.
මේ තත්ත්වය තුළ ඉහත මන්ත්‍රී කණ්ඩායමේ මතය වී ඇත්තේ අයවැය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නම් අයවැය අවසන් වූ වහාම තමන් නම් කළ මන්ත්‍රී කණ්ඩායමට කැබිනට් ඇමති ධූර සහිතව කැබිනට් සංශෝධනය සිදුවන බවට ජනාධිපතිවරයා විසින් සහතිකයක් ලබා දිය යුතු බවය.
අයවැය නිම වූ වහාම සිදුවිය යුතු කැබිනට් සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයාගේ සහතිකය ලබා ගැනීමත්, අයවැයට පොහොට්ටුව දක්වන සහයෝගය සම්බන්ධව අවසන් තීරණය ලබා ගැනීමත් අරභයා සඳුදා බැසිල් රාජපක්ෂ සිය පොහොට්ටු කණ්ඩායම සමග සාකච්ඡා කරනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.
බොහෝ විට ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් ඉන් අනතුරුව සිදුවිය හැකි බව ද පැවසේ.