බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලයට ණයත් නැති බයත් නැතිබව කී ආණ්ඩුවේ පොලිසිය මීඩියා ෂෝ එක්ක “යුක්තිය – 2” ඇරඹුවා ද?…

by editor
ජනවාරි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පසුගිය 04 වැනිදා යාපනයේ ගියේය. ඒ යාපනයේ ප්‍රජා පොලිස් කමිටු හමුවකටය. ඔහු එහිදී ගැම්මෙන් මෙසේ කීවේය.

” පාතාල ක්‍රියාකාරකම්වල සම්පූර්ණයෙන් මේ වෙනකොට අපි හඳුනාගෙන තියනවා පුද්ගලයො කවුද කියලා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය රතු නිවේදන, නිල් නිවේදන අපි ලබාගෙන තියනවා. ඊයෙත්  අපි අලුත් නිවේදනයක් ලබා ගත්තා පුද්ගලයෙක් සම්බන්ධයෙන්.”

” එත් එක්කම මත්ද්‍රව්‍ය ජාවාරමත් එක්ක සම්බන්ධකම් පවත්වන පළවෙනි ජාලය සහ දෙවැනි ජාලයත් පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පළවෙනි ජාලය සහ දෙවැනි ජාලයත් හඳුනා ගනිමින් පවතිනවා. අපි ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒවා ඔක්කොම මාධ්‍යයට අනාවරණය කරන්නේ නෑ. අපි ඒ සම්බන්ධව අවශ්‍ය නීතිමය රාමුව තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.”

” 2025 වසර 2024 වසරට වඩා වැඩි කාර්ය සාධනයක් ලබා ගන්න ඉදිරියේ දී කටයුතු කරනවා. එ් සම්බන්ධව අවශ්‍ය උපදෙස්, අවශ්‍ය පහසුකම් දැනට රජය උපරිම ආකාරයෙන් අපට ලබා දීලා තියනවා.”.

ලොරි ටෝක් දී පැය කීපයක් ඇතුළත යාපනයේ කඩු මැරයින් පැමිණ අවන්හලක් කුඩු කළේය. එළිපිටම මිනිස්සු කපා දැමූහ. ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා පාතාල වෙඩි තැබීම් 03ක් වාර්තා විය. මනුෂ්‍ය ඝාතන 04ක් සමගිනි. ඊට අමතරව පාතාලයට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත වත්තේගම මාළු ව්‍යාපාරිකයෙක් කපා කොටා ඝාතනය කර තිබිණි. ඔහු කිසිම පාතාල ක්‍රියාකාරකමකට සම්බන්ධයක් නැති ප්‍රදේශයේ මිනිස්සුන්ගේ ආදරය දිනාගත් සාධාරණ මනුෂ්‍යයෙකි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඒත් අප ඉසීමෙන් බලාගෙන සිටියේ ආණ්ඩුව පුන පුනා කියන ආණ්ඩුවේ අපරාධ පාලන වැඩපිළිවෙළ ගැනය. මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල දැඩි විශ්වාසයකින් ඒ වැඩ පිළිවෙළ ගැන කියන විට,  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස ඒ විශ්වාසය තහවුරු කරන විට විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ මානව හිමිකම් ගැටලුවකට නොයමින් මේ අපාරධ ජාලය මර්ධනයට ප්‍රායෝගික පිළිතුරක් රජයක් ලෙස ලබා දීම ආරම්භ කර ඇතැයි අපි විශ්වාස කළෙමු.

එහෙත් දිනකට පෙර පොලිස්පතිවරයා සූම් රැස්විමකින් පොලිස් ප්‍රධානීන් සහ බුද්ධි අංශ අමතා නියෝගයක් ලබා දී තිබිණි. විශ්වාසකටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ සිය ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගේ ක්‍රියාකාරකම් මර්ධනය සඳහා සැලසුම් සහ ක්‍රමවේද ඉදිරිපත් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කළ බවය.

එම නියෝගයෙන් පොලිසිය ද අන්දමන්ද වී ඇති ආකාරය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඉතා ඉහළ විද්‍යාත්මක සැලසුමක් ඇතැයි කී පාතාල මර්ධන ව්‍යාපෘතියේ සැලසුම් ක්‍රියාත්මක කීරීමට සැරසී සිටින පොලිසියෙන් දැන් වැඩ බලන පොලිස්පතිවරයා සැලසුම් ඉල්ලමින් ඇත. වැඩබලන පොලිස්පතිවරයා පාතාලයේ පළමු පෙළ දෙවැනි පෙළ සහ මත්කුඩු ජාලයේ අනුයාත පුරුක් හා බැඳුන පුද්ගලයින් හඳුනාගත් බව කීවේ “වෙඩින්” එකකට “ඉන්වයිට්” කරනවා වගේ වැඩකට නොවන බව තවමත් අපි විශ්වාස කරමු.

මේ රජය බලයට පත්වීමට පෙර සහ පසු මත්කුඩු ජාවාරම ගැන ප්‍රකාශිත ගැඹුරු යථාර්ථයක් තිබිණි. ඒ පාතාලයට බයත් නැති ණයත් නැති ජාතික ජන බලවේග ආණ්ඩුව මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදුනන් ගෙළ ග්‍රහයෙන් ගන්නා බවය. දේශබන්දු තෙන්නකොන් ගේ කුපාඩි යුක්තිය මෙහෙයුම මෙන් මාධ්‍ය සංදර්ශන නොපවත්වා කුඩු ගහන අසරණ රෝගීන් පුනරුත්ථාපනය කර ජාවාරම්කරා අපරාධකාරයන් ඉලක්ක කරගෙන තම මෙහෙයුම් දියත්කරන බවය.

එහෙත් ඊයේ (11)  අප ගල්කිස්සේ දී දකින්නේ පරණ ගොබ්බ මාධ්‍ය මෙහෙයුමය. පොලිසිය එස්ටීඑෆ් දමාගෙන කුඩු ගහන උන් අල්ලන දේශබන්දුගේ යුක්තියේ දෙවැනි පියවරය. පොලිසිය ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරන ආකාරය මෙය නම් ජනාධිපතිවරයා මුලින්ම කළ යුත්තේ පොලිස්පතිවරයාත්, කළ යුත්ත නොකළ යුත්ත නොදැන පිස්සු කෙලින බවට පොලිසියෙන්ම චෝදනා ලබමින් සිටින මහජන ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නත් ගෙන්වා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ගැඹුර කියා දීමය. බස්වල ත්‍රීවිල්වල කෑලි ගලවන්නේ පෙනුම හදන්නටම නොව,  රිය අනතුරු අවම කරගෙන නිස්කාරණයේ මනුෂ්‍ය ජීවිත මහ මග විනාශ කර දමන මිනීමරු මානසිකත්වය පාලනය කිරීමට බවත් දළ ජාතික නිශ්පාදනයෙන් සියයට 3.5ක් පමණ නිස්කාරණයේ වියදම් කරන බව ලෝක බැංකු දත්තවලින් අනාවරණය කරන රිය අනතුරු නිසා සිදුවන ආර්ථික හායනය නතර කරීමට බවත් පොලිසියට තේරුම් කර දීමය.

එමෙන්ම කුඩු භාවිතා කරන පුද්ගලයින් අල්ලා මධ්‍ය උත්කර්ෂයන් පැවැත්වීමේ ගල්කිස්ස ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට මේ වනවිට පොලිසියට ලබා දී ඇති නියෝගයම ගොං පාට් එකක් බව පැහැදිලි කිරීමය. රටේ කුඩු ඉවර වෙනවා නම් දේශබන්දු තෙන්නකොන් දැමු මාධ්‍ය සන්දර්ශනවලට අනුව කුඩු තබා රටේ පොල් කුඩු ලී කුඩුවත් ඉතිරි නොවන බව වැ.බ. පොලිස්පතිටත් පොලිස් ලේකම්ටත් කියා දීමය. දෙවියන්ගේ නාමයට ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය කොලොප්පමක් නොකිරීමය. පෙනෙන හැටියට ඒ වගකීම දැන් මුලුමනින්ම ඇත්තේ ජනාධිපතිවරයාටය.

දෛනිකව ෂෝ පෙන්නා වටේ පිටේ උන්ගෙන් ලකුණු දමා ගෙන එදා වේල දුවා ගැනීමේ කුජීත ක්‍රමය මිසක් ඉන් ඔබ්බට දෙයක් කරන්නට හෝ හිතන්නට මේ නිලධාරීන් සූදානම් නැති බව ජනාධිපතිවරයා දැන්වත් තේරුම් නොගන්නේ නම් ඔහුට පිටරටකට තබා තඹුත්තේගමටවත් යන්නට බැරි දිනය මේ මිනිසුන් නුදුරේදීම උදා කරනු ඇත. පාක්ෂිකයින් කියා ජාතියක් නැති, ඕනෑම මජර කුපාඩිකමක් අනුමත කිරීමට සූදානම් නැති, බලාපොරොත්තු බිඳෙන මුල්ම අවස්ථාවේ දී පයින් ගසා එළියට දැමීමට සූදානම් මානසිකත්වයක් සහිත ජනතාවකින් ලැබුණ බලයෙන් උද්දාමයට පත්වීමට නොව ඊට බිය වන ලෙස අප මුලින්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එබැවිනි. ආණ්ඩුව ඇතුළෙ මේ වනවිට පිස්සු කෙළීම ආරම්භ කර ඇති උද්දච්ඡ දේශපාලකයින්ට මේ ලැබුණ බලයේ බිහිසුණුකම තේරුම් කර දෙන ලෙස ඉල්ලා සිටියේ එබැවිනි.

පොලිසියේ නිලධාරීන්ගේ සාමුහික අමනකම සම්බන්ධව තවත් එක් කාරණාවක් සිහි කරමින් මේ සංක්ෂිප්ත සටහන නිමා කරමු.

කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධුෂ් ඇතුළු අපරාධකරුවන් දැවැන්ත අන්තර්ජාතික මෙහෙයුමකින් අනතුරුව ලංකාවට ගෙනන 2019 මැයි 05 වැනිදාය. ඒ වනවිට ප්‍රියන්ත වීරසූරිය  නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. රවී සෙනවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ  ප්‍රධානියා ලෙස කටයුතු කළ පුද්ගලයා ය.

මාස තුනකට ආසන්න කාලයක් මාකඳුරේ මධුෂ් ඇතුළු අපරාධකරුවන් ඩුබායි රඳවා තබා ගනිමින්, විශාල මුදලක් වැය කර කළ මෙහෙයුමකින් අනතුරුව ලංකාවට ගෙන්වූ පසු මිනිසුන් සිතුවේ දැන් පාතා මර්ධනය සඳහා ස්වර්ණමය අවස්ථාවක් උදා වූ බවය. එහෙත් මධුෂ්ගේ අපරාධ ජාලය එහි පැතිරීම, දේශපාලනයේ සම්බන්ධතාවය, ඔහු මෙහෙයවූ ව්‍යාපාරයේ ස්වරූපය, උපයා ගත් වත්කම්, බැංකු ගිනුම්වල මෙහෙයුම් සම්බන්ධ රටට අවශ්‍ය කිසිම තොරතුරක් නොගෙන ඔහුව අතාර්කික ලෙස වෙඩි තබා මරා දැම්මේය. කංජිපානි ඉම්රාන් අඟුනකොලපැස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා වසර දෙකකට පසු ඇප පිට නිදහස් කළ දිනට පසු දින රටින් පැන්නේය. දැන් ඔහු රට ඉඳන් මිනී මරන්නේය. කුඩු රටට එවන්නේය.

කංජිපානි ඉම්රාන් ඇප ලබන්නේ 2022 දෙසැම්බර් 20ය. ඔහු පොලිසියේ කයි කාරයින් නිරුවත් කර දෙසැම්බර් 21 වැනිදා රටින් පැන්නේය. ඒ අත්දැකීම වැ.බ. පොලිස්පතිවරයාත් පොලිස් ලේකම්වරයාත් අත්වින්දේය.

හරියට ඊට අවුරුදු දෙකට පසු කංජිපානිලා ලංකාවට ගෙනාවා සේම දැවැන්ත මෙහෙයුමක් කර මැඩගස්කරයේ සිට කෙන්යාව ඉන්දියාව හරහා ලංකාවට ගෙනා කුප්‍රකට කුඩුජාවාරම් කරා මිනී මරු පාතාලයෙක් වූ කුඩු සළිඳු ඇප ලැබුවේය. දෛවෝපගත ලෙස ඒ දිනය 2024 දෙසැම්බර් 20ය.
ලංකාවට ටොන් ගණනින් කුඩු ගෙනා බව කී, පොලිසියත් සමග ඩීල් දමාගෙන මිනී මැරුම් සිදුකළ බව කී, කුඩු සළිඳු ගැන ඇප ලැබුන දා සිට මේ වනතුරු කිසිම ආරංචියක් නැත. සැක කරන්නේ ඔහු රටින් පිටවී ඇති බවය.

ඇප ලබා ගත හැකිව තිබියදීත් ඇප කොන්දේසි සපුරන්නේ නැතිව වසර ගණනක් බන්ධනාගාරගතව සිටි පොඩි ලැසී එක්වරම ඇප තැන්පත් කර දෙසැම්බර් 09 වැනිදා නිදහස් වන්නේය. ලැසී ගැනත් මේ වනවිට ආරංචියක් නැත. .

පූර්ව අත්දැකීම් තිබෙද්දීත් බුද්ධි නිලධාරියෙක් මෙහෙයවා මේ අපරාධකරුවන් පිටවන්නේ කොතෙන්ටද, කරන්නේ මොකක්ද යන්න සම්බන්ධව නිරීක්ෂණ නොකළ පොලිසියක පොලිස්පති දැන් ගමේ ගොඩේ කුඩු ගහන උන් අල්ලන්නට නියෝග දෙන්නේය. අපට යළිත් කියන්නට ඇත්තේ කරන්නේ ඔය වැඩේ නම් ඒක ඔයිට වඩා නාට්‍යානුරූපීව සහ ආකර්ශනීයව දේශබන්දු කළ බවය.

ඒ සමගම පසුගිය මාස දෙක තුළ පාතාලයන් බියක් සැකක් නැතිව පැමිණ මිනී මැරීම ආරම්භ කළේය. දැන් ඔවුන්ට යම් සුරක්ෂිත වටපිටවක් ගැන අදහසක් මතු වී ඇති බව හැර මේ පසුපස ඇති දේශපාලන කුමන්ත්‍රණ හෝ ප්‍රතිවිප්ලව කුණුහරප නම් රටට පෙනෙන්නේ නැත.

අප විශ්වාස කරන්නේ බිම් මට්ටමේ දේශපාලනය කර තෙම්පරාදු වී ඇති බව කියන මේ දේශපාලනයත්, පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස්පති ලෙස දීර්ඝ ගමනක් පැමිණි ලංකා ඉතිහාසයේ පළමු පොලිස්පතිවරයාත් කාටවත් ඇන්දවිය හැකි බබ්බු නොවන බවය. මාධ්‍යයට නොකියන මේ අමුතු මෙහෙයුම් සිදුකර රට සුවපත් කරන බවට වූ සාධාරණ විශ්වාසයක්වත් මිනිස්සුන් තුළ ඇති කිරීමට මේ පොලිසියට කෙසේ වෙතත් ආණ්ඩුවට නොහැකි කුමක් නිසාදැයි වැටහෙන්නේ නැත. ඒ විශ්වාසය ඇති කිරීමට හදන්නේ දේශබන්දු පන්නයේ ඩාන්ස් වලින්නම් කියන්නට ඇත්තේ මේ ආණ්ඩුවට අබ සරණ බවය.

අප කරුණාවෙන් ඉල්ලා සිටින්නේ කිසිම වරදානයක් වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් තොරව යහපත් රටක් වෙනුවෙන් ජීවිත සිහින කැප කළ අපේ බලාපොරොත්තු මේ තරම් සිල්ලරට නොගන්නා ලෙසය.

මිනිස්සුන්ගේ ජීවිත සිහින දේශපාලන පඩංගුවල ඔතා වළ දැමීමට සූදානම් වුන දේශපාලකයින්ට අත් වූ ඉරණම පිළිබඳ පූර්වාදර්ශ උණුහුම වියැකී යන්නටත් පෙර මේ සිදුකරන විපරීතයන්හි ප්‍රතිඵල ඔබ සිතනවාට වඩා බෙහෙවින්ම බිහිසුණු බව පමණක් ආණ්ඩුවට සිහි කර මේ සටහන නිමා කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අභියාචනාධිකරණ සභාපතිට එරෙහිව ආණ්ඩුවෙන් දෝෂාභියෝග සැලසුමක්- ඊට පෙර ඉල්ලා අස්වෙයි?

Next Post

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙති!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.