රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචා චෝදනා මත දැනට අත් අඩංගුවේ පසුවන තිලිණි ප්‍රියමාලි සමග ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි සංගීතා වීරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පුරා පැය පහක් තිස්සේ මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත.
එහිදී ප්‍රියමාලි සම්බන්ධව පරීක්ෂණයේ දී මතු වූ වීඩියෝ දර්ශන සංගීතා වීරරත්නට පෙන්වමින් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඇය එක්වරම නිරුත්තර වූ බව විමර්ශන අංශ පැවසුවේය.
විමර්ශන අංශවල වැඩි අවධානය යොමු වී තිබුණේ තිළිණි ප්‍රියමාලි සහ සංගීතා වීරරත්න අතර පැවති සම්බන්ධය ගැනය.
ඇයව තව දුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වුවහොත් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීවේය.
මේ වනවිට ප්‍රවීන නිළි සේමිණී ඉද්දමල්ගොඩගෙන් ද පැය 04ක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇත. ප්‍රවීන නළු හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග ගෙන් ද පැය 05ක් ප්‍රශ්න කර තිබේ. තවත් නවක නිලියකට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් කැඳවීම් කර තිබුණ ද ඇය මෙතෙක් ප්‍රකාශයක් ලබා දීමට ඉදිරිපත් වී නැති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මින් පෙර අවස්ථා කීපයක දී සංගීතා වීරරත්නට අපරාධ දෙපාර්තමේන්තුවෙන් කැඳවීම් කළත් ඇය අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ඇත්තේ ඊයේ බව වාර්තා වේ.
තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ සිනමා නළුවෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරණතුංගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගත්තේය.







