බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රශ්නේ විසඳලා ඉවරයි… ඉතින් ඇයි මේ නටන්නේ?… ත්‍රි කුණාමලය බුදු පිළිම ප්‍රශ්නය ගැන පැහැදිලි කරන්නට පාර්ලිමේන්තුවට පැමිණි ජනපති විමසයි….

by editor
නොවැම්බර් 18, 2025
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

ත්‍රී කුණාමලය ශ්‍රී බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමිය හා බැඳුන බුදුපිළිම වහන්සේ සම්බන්ධව ප්‍රශ්නය සහ ඊට ගැටගැසී තිබූ සියලුම ගැටලු මුළුමනින්ම විසඳා ඇති බවත් දැන් නටන්නේ නැතිව ඉන්න ලෙසත් ජනාධිපතිවරයා අද ( 18) අය-වැය විවාදය අතර පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කළේ මේ ප්‍රශ්නය මත ගිනි අවුලවමින් හනුමන්තා සේ නටන ජාතිවාදී දේශපාලනය ගැන දන්නා බවත්, එම ජාතිවාදී ගිනි මතින්  යළි මේ රටේ වර්තමාන දේශපාලනය හෝ අනාගත දේශපාලනය ලියැවෙන්නේ නැති බව දැඩිව අවධාරණය කළේය.

ත්‍රී කුණාමලය බුදු පිළිම ගැටලුව සම්බන්ධ ජනාධිපතිවරයා මෙසේ පැහැදිලි කළේය.

දේශපාලනය සම්බන්ධව සාධනීය බලවේගයක් ගොඩනැගීමට අවස්ථාවක් නැති වෙනකොට ඒ අයගේ අවස්ථාවක් බවට පත් වෙලා තිබෙන්නේ ජාතිවාදී අවස්ථාවන් නිර්මාණය කරගැනීම.

ඒ නිසා පොලිසිය නීතිය වගේම මේ වගේ ප්‍රශ්නවලදී මේ වගේ ප්‍රශ්නවලටත් අවධානය යොමු කළ යුතුයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

නීතිය වගේම මේ වගේ ප්‍රශ්න හරහා ඇති විය හැකි සමාජ කැළඹීම් සම්බන්ධය අවධානයක් ඇතිවයි නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්නේ. සමහර ක්ෂේත්‍ර තියනවා අපට ඒ බැඳුන දේශපාලන ක්‍රියාකාරකම් ගැන සැලකිල්ලට භාජනය කළ යුතුයි.

මේ ප්‍රශ්නයේ දී දැනටමත් මම මහජන ආරක්ෂක ලේකම්වරයාට කිව්වා නිශ්චිත තත්ත්වය වාර්තාවක් එවන්න කියලා වාර්තාවක් කැඳවලා තියනවා. ඒ වගේම මහජන ආරක්ෂක ඇමති තුමා මේ ආරක්ෂාව පිළිබඳව මේ බුදු පිළිමය වැඩමවෙව්වා කියන තර්කය ගෙනාවේ 11.40ට. අදාල පොලිස් ස්ථානයේ මේ බුදු පිළිමය වැඩම කිරීම සම්බන්ධව දාලා තිබෙන සටහන පිළිබඳව තියනවා.

එම නෝට් එකේ පැහැදිලිවම තියනවා ආරක්ෂාව සඳහා තමයි මේ පිළිමය මෙතැනට වැඩම්මෙව්වෙ කියලා. ඒක මා ගාව තියනවා.

හැබැයි ඊලඟ තියන්නේ මොකක් ද?. මේ බුදු පිළිම වහන්සේ පොලිස් ස්ථානයට වැඩම කර තිබෙනවා නම් ඊලඟට ගැටුම එන්නේ පොලිසිය සහ ජාතිවාදී කණ්ඩායම් අතර. ඒක තමයි ඔවුන්ට තියෙන ලොකුම අවස්ථාව. ඒ නිසා තමයි පිළිමය එතෙන්ට වඩම්මවලා අදාල ආරක්ෂාව ලබා දීලා තිබෙන්නේ.

දැන් ප්‍රශ්නය තියනවා අධිකරණයෙ. ඊට පෙර ඊයේ දිසාපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්විලා තියනවා. ඔබ කී විදිහටම පැරණි ඔප්පුවක් තියනවා. ඒ වර්ෂ 2014 දි. බලපත්‍රයක්. එතැන් සිට මෑත කාලයේ දි එම ස්ථානය විහාරස්ථානයක් ලෙස භාවිතා වෙලා නෑ. භාවිතා වෙලා තියෙන්නේ ආපන ශාලාවක් හැටියට.

ඒ ආපන ශාලාවේ ඉදිකිරීම් පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා එම ආපන ශාලාවේ නීති විරෝධී ඉදිකිරීම් තියනවා කියලා එම ආපන ශාලාව නීති විරෝධී ඉවත් කිරීම් පිළිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් ලබා දීලා තිබුණා. ඒ නියෝගයට එරෙහිව අභියාචනාවක් කරලා තිබුණා පරිසර අමාත්‍යාංශයට. පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාත් එය ඉවත් කළ යුතුයි කියන ස්ථාවරය සඳහන් කරලා තිබුණා

ඊට පස්සේ පොලිසිය වෙරළ සංරක්ෂණ අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය එක්ක කළ සාකච්ඡාවක දී හාමුදුරුවන්වහන්සේ ඉල්ලීමක් කරලා තිබුණා තව සතියක කාලයක් දෙන්න… උන් වහන්සේ අපේක්ෂා කරනවා අභියාචනාධිකරණයට යන්න කියලා.

කාලය දෙනවා. ඒ කාලය ඉවර වෙන්නේ 14 වැනිදට. හැබැයි ඒ කාලය ඉවර වෙලා 16 වැනිදා තමයි මේ සිද්ධිය වෙන්නේ. එතකොට මේක ආගමික ස්ථානයක් පිහිටුවීම වගේම වෙනත් කතාවකුත් මේක පිටුපස්සෙ තියන බව පේනවා.

අපි එතන විහාරස්ථාන භූමියක් කියලා තිබුණත් පොදු ජනතාව හිතන්න පුලුවන් එතන විහාරයක් තිබුනා කියලා. නෑ… හාමුදුරුවන්වහන්සේට හිමිකමක් සහිත ඉඩමක් තිබුණා. නමුත් එතන ආගමික වතාවත් කරන ස්ථානයක් තිබුණෙ නෑ. ඕක තමයි ඇත්ත කතාව.

නමුත් සිද්ධිය වුනාට පස්සේ දිසාපති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. දිසාපති කාර්යාලයේ සාකච්ඡාවේදි එකඟතාවයට ආවා නියමිත මිනින්දෝරුවෙක් දාලා මේ ඉඩමේ හරියට මැනුම් කටයුතු කරලා වෙරළ සංරක්ෂණයට අයිති කොටස වෙන් කරලා දෙන්නත් පන්සලට අයිති භූමිය නම් කරලා දෙන්නත් ඊයේ සාකච්ඡාවකට ආවා.

මේ සාකච්ඡාවත් සමග පරණ නඩුවත් එක්ක මේක අධිකරණයට ආවා. අධිකරණයෙන් දැන් දීලා තියන නියෝගය තමයි අලුත් ඉදිකිරීම් කිසිවක් කරන්න එපා. තිබෙන ඉදිකිරීම් ඉවත් කරන්නත් එපා. අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නට පසුව පන්සලට හිමි භූමිය වෙන් කරලා දුන්නට පස්සේ ඒකේ ඒ අදාල වැඩ කටයුතු කරන්න පුලුවන්.

හැබැයි දැන් තියෙන්නේ මොකක් ද?. දැන් ඇත්තටම ගත්තොත් සිදුවීම අවසන්. අධිකරණ නියෝගයක් දීලා තියනවා නැවත අලුත් ඉදිකිරීම් කරන්න එපා. බුදු පිළිම වහන්සේ වැඩම ඉන්න. අපි නිරාකරණය කරලා ඉඩම බේරලා දෙන්නම් කියලා.

ජනාධිපතිවරයා මේ පැහැදිලි කිරීමෙන් අනතුරුව මෙසේ ඇසුවේය.

දැන් තවත් නටන්නේ ඇයි. ?

නෑ… මම මේ කියන්නේ… දැන් නටන්නේ මොකට ද?. මෙතන තමයි තියන ප්‍රශ්නය. ජාතිවාදී කණ්ඩායම් මේක දැන් අවස්ථාවක් මතු වුනා. දැන් ගිනි තියන්න පුලුවන් හනුමා වලිගෙට ගිනි තියා ගත්තා වගේ. දැන් මොකද කරන්නේ. මේක හැම තැනම ගිනි තියාගෙන යනවා.

ඒ නිසා අපි ඉතාම ශක්තිමත් ස්ථාවරයක ඉන්නවා. මේ ජාතිවාදයට නම් ඉඩ දෙන්නේ නෑ… ඒක හැම මහත්මයාම තේරුම් ගන්න. මම නෙමෙයි. මේ රටේ බෞද්ධ ජනතාව ඉඩ දෙන්නෙත් නෑ. මේ රටේ හින්දු කතෝලික මුස්ලිම් පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නේ නෑ.

ඒ නිසා කවුරුහරි උත්සාහ කරනවා නම් නැවත පැරණි ජාතිවාදී නාඩගම් මේ රටේ ඇති කරන්න ඒක ඉතිහාසයම විතරයි. ඒ මහත්තුරු හොඳට තේරුම් ගන්න ඕන. ඒක වර්තමානයත් නොවෙයි. ඒක අනාගතයත් නොවෙයි. අපේ රටේ අනාග දේශපාලන නායකත්වය ජාතිවාදය මත ලියැවෙන්නේ නැති බව වර්තමාන දේශපාලන නායකත්වය ජාතිවාදයෙන් ලියැවෙන්නේ නැති බව ඒ මහත්වරු තේරුම් ගන්න ඕන.

ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සකස් කරන්නැයි ජනපති සෞඛ ඇමතිට වෛද්‍ය කණ්ඩායම ඉදිරියේදීම උපදෙස් දෙයි…

Next Post

සංවිධානාත්මක අපරාධකාර උනාකූරුවේ ශාන්තගේ ඥාති යුවලක් වෙළෙඳසලක් තුළ දී වෙඩි තබා ඝාතනය කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.