සූරියවැව නුවන් ජයසේකර –
තංගල්ල උනාකූරුව ප්‍රදේශයේ දී අඹු සැමි යුවලක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
තංගල්ල පොලිසිය පවසන්නේ උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය වෙළඳසැලක් තුළදී පස්වරු 6.55ට පමණ මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඝාතකයින් පලා ගොස් ඇති බවය.
වෙඩි තබා ඝාතනය කර තිබුණේ අවුරුදු 68 හා 59 වයසේ පසුවන අඹු සැමි යුවලකි. මියගිය අඹු සැමි යුවල දැනට විදෙස්ගතව සැඟවී සිටින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උනා කූරුවේ ශාන්ත නැමැත්තාගේ ඥාතීන් බවට අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







