සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවීණ මාධ්‍යවේදී නන්දසේන සූරියආරච්චි දිවි සැරිය නිමා කරයි!

by editor
දෙසැම්බර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා කෘතහස්ථ ග්‍රන්ථ කතුවරයෙකුවූ නන්දසේන සූරියආරච්චි   අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව දන්වා සිටිමු.

මියයනවිට 78 වන වියෙහි පසුවූයේය. වසර 50 කට වැඩි කාලයක් දිනමිණ, සිළුමිණ, දිවයින, රිවිර ඇතුළු පුවත්පත් ගණනාවක කතුවරයෙකු ලෙස සේවය කළ ඔහු ලියා ඇති ග්‍රන්ථ ගණන 55 ක් පමණ වේ. පුවත්පත් කලා දිවියේ ඔහු සම්බන්ධ මනරම්ම මතකය සනිටුහන් වන්නේ දිවයින පුවත්පත ආරම්භය සමගය. දිවයින පුවත්පතේ ආරම්භක සාමාජිකයා ලෙස එඩ්මන් රණසිංහ, දයාසේන ගුණසිංහ, දයාරත්න රණසිංහ,  උපාලි තෙන්නකෝන්, ධර්මත්න විජේසුන්දර, කණ්ඩායම සම්බන්ධීකරණය කරමින් දිවයින ගොඩනැගූ මුල් පුරුක ඔහුය.

එමෙන්ම දිවයිනට එම නම යෝජනා වී තිබුණේත් නන්දසේන සූරියආරච්චි අතිනි.

දකුණු පළාතේ බද්දේගම උනන්විටියේදී 1945 මාර්තු 27 වෙනි දින උපන් නන්දසේන සූරියආරච්චි වැලිවිටිය මහා විද්‍යාලය,ගාල්ල විද්‍යා ලෝක මහ විද්‍යාලය සහ හොරණ විද්‍යාරත්න විද්‍යාල වලින් පාසැල් අධ්‍යාපනය ලබා කැළණිය විශ්ව විද්‍යාලයට (එවක විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය) පිවිසුණේය.

1966 දී අන්තර් විශ්ව විද්‍යාලයීය කෙටිකතා තරග ජයග්‍රහණය කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය.1967 විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සංස්කාරක ධූරයත්, එම වසරේදීම විශ්ව විද්‍යාලයීය නිදහස් පක්‍ෂ ශිෂ්‍ය සංගමයේ උප සභාපති ධුරයත් දැරුවේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සරසවි සමයේ සිටම පුවත්පත් ලේඛකයකු ලෙස කටයුතු කළ නන්දසේන සූරියආරච්චි 1969 වසරේ ‘උදය’ පුවත්පතේ විශේෂාංග කර්තෘ ලෙස වෘත්තීය දිවියට පිවිසියේය. 1969 ලේක්හවුස් ආයතනයට බැදුණු හෙතෙම ‘දිනමිණ’ හා ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලයේ වසර 12ක සේවයේ නියුතු විය. 1981 දී උපාලි පුවත්පත් සමාගමේ ‘දිවයින’ පුවත්පතේ ආරම්භක කර්තෘ මණ්ඩලයට එක්වී වසර 13 ක් පමණ එහි සේවය කළේය.

දේශපාලන ලිපි, කලා හා විශේෂාංග රචනයෙහි දස්කම් දැක්වූ ඔහු ලියූ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ‘, ‘දිඹුලාගල හාමුදුරුවෝ‘, ‘මඩුවන්වෙල මහ දිසාව‘,‘බොරලුගොඩ දේශපාලනය‘, ‘සිංහලේ සිංහයා සර්ජෝන්‘ ඇතුළු පුවත්පත් ලිපි මාලා පසුකාලීනව ඉහළ ජනප්‍රියත්වයට පත් ග්‍රන්ථ ලෙසද ප්‍රකාශයට පත්විය.

ග්‍රන්ථ කතුවරයකු ලෙස චරිත කතා, විචාර මෙන්ම නවකතා රචනා කර ඇති නන්දසේන සූරියආරච්චි  පොත් 55 කට ආසන්න ගණනක් රචනා කළේය. ඔහුගේ  බිරිය ඩල්සි විශ්‍රාමික ගුරුවරියක වන අතර දියණිය යසෝදරා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරයි. පුතු ධනංජය මාධ්‍ය ආයතන ප්‍රධානියෙකි.

නන්දසේන සූරියආරච්චි මහතාගේ දේහය අංක 9, කාශ්‍යප පාර, ඇන්ඩර්සන් පාර, කළුබෝවිල නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු 30 සෙනසුරාදා සවස කොහුවල පොදු සුසාන භූමියේදී සිදුකරන්නට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවියන්ට සල්ලි පුදන ගොබ්බකම නතර කරලා කන්න නැති පොඩි එකෙකුට බත් කටක් අරන් දීපල්ලා!   

Next Post

“කිං බානට්” මතකය ඉතිරි කරමින් හරිත් ගුණවර්ධනත් යන්නම ගිහින්…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.