දිනසේන රතුගමගේ –
වවුනියාවේ තේක්කවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී පහලොස් හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයකට ලක් කිරීමේ චෝදනාව මත වවුනියාව පොලීසිය විසින් කාන්තාවක් ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඊයේ ( 12 ) අත් අඩංගුවට ගෙන තිබේ.
වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය ඇගේ ඥාති සහෝදරයෙකු විසින් තේක්කවත්ත ප්‍රදේශයේ තවත් ඥාතී නිවසක් වෙත කැටුව විත් තිබේ.
එහිදී දැරියට මත්ද්‍රව්‍ය ලබා දී තරුණයා සිය මිතුරන් පිරිසක් සමග එකතු වී එම දැරියට ලිංගික අතවර සිදු කොට ඇත.
පසුදින දැරිය ඕමන්තේ සිය නිවසට ගොස් ඇතත් සිදු වූ කිසිවක් අය ඇගේ දෙමව්පියන්ට ප්‍රකාශ කොට නොමැත්තේ තරුණයාගේ මරණීය තර්ජන නිසාවෙනි.
දැරිය එහා මෙහා යන විට ඇය අසාමාන්‍ය ලෙස වේදනවකින් පෙළෙන බව දුටු ඇගේ මව දැරියව වවුනියව මහ රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේදී වෛද්‍යවරයා විසින් එම දැරිය සමූහ දූෂණයකට ලක්ව ඇති බව හදුණා ගෙන සිද්ධිය පොලීසියට පැමිණිලි කොට තිබේ.
පොලීසිය දැරියගෙන් ලබා ගත් ප්‍රකාශ මත තරුණයාවද දැරියව දූෂණයට ලක් වූ නිවසේ කාන්තාවද තවත් තරුණයින් දෙදෙනෙකුවද අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.
දැරියව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.







