සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහන පර්මිට් එකකට, ඉඩම් කැබැල්ලකට ආත්මය පාවා දෙන්න මට බෑ… කාදිනල් හිමියෝ කියති!

by editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Malcom-Ranjith
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වාහන පර්මිට් එකකට, ගොඩනැගිල්ලකට, ඉඩම් කැබැල්ලකට  ආත්මය පාවා දීමට තමන් සූදානම් නැති බවත්, අගරදගුරු  නිලය ලැබු පමණින් පාලකයන්ගේ අවශ්‍යතා මත හැසිරෙන්නට අගරදගුරු වරයෙකුට නොහැකි බවත්   අගරදගුර මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

කතෝලික සභාව වශයෙන් තමන් හැමදාම පෙනී සිටින්නේ අසරණ පීඩිත මිනිස්සුන්ගේ යුක්තිය සහ සාධාරණ වෙනුවෙන්  බවත් උන්වහන්සේ කීහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (04) බොරැල්ල කතෝලික මුද්‍රණාලයේ පැවති විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.

එහිදී එතුමො මෙසේද පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අප අතර අද ඉන්නේ පොදු ප්‍රශ්න ගණනාවකින් පීඩාවට පත් වුණු සමාජයක්. එක් පැත්තකින් ළමයින්ට ඉස්කෝල නෑ. ඔවුන් අවුරුද්දක් හමාරක් ගෙදර. ඔවුන්ගේ සමාජීය සබඳතා මානසික ශඛ්‍යතා බිඳවැටිලා.  මේ ප්‍රශ්නය විසඳාගන්න අවශ්‍ය නම් ඕන තරම් ක්‍රම තියනවා.  ඇතිවෙලා තියන සමහර ප්‍රශ්නවලට විසඳුම සල්ලි නම් නාස්ති කරන සල්ලිවලින් ඒ ප්‍රශ්න විසඳන්න පුලුවන්. මේ කඹ ඇදිල්ලට දෙමව්පියන් සහ දරුවන් අසුවෙලා.

අනීතික දූෂණ

අද රට තුළ බිහිවෙලා තියෙන්නෙ ඉතාම දූෂිත පාලනයක්. මෙය  අවුරුදු හැත්තෑවක් තිස්සෙ ඇදී එන පාලන ක්‍රමවේදයක ප්‍රතිඵලයක්.   නීතිය තමන්ට අවශ්‍ය විදිහට හසුරුවන මේ ක්‍රමය තුළ සාධාරණයක් යුක්තියක් සාමාන්‍ය ජනතාවට බලාපොරොත්තු වෙන්න බෑ.   නිදහසින් පස්සේ ආපු හැම රජයක්ම මේ විදිහට නීතිය අවනීතිය කරන එක දිගටම කරගෙන ගියා.

බලවතුන්ට ධනවතුන්ට නීතිය හරවන්න පුලුවන් තමන්ට අවශ්‍ය විදිහට. මේ වනවිට සාමාන්‍ය මිනිහෙකුට සාධාරණය ඉටු කරගන්න ක්‍රමවේදයක් තියනවද  කියා විශ්වාස කරන්නත් බැරි තැනට සමාජය පත්වෙලා. සමාජයේ පැතිරෙන දරිද්‍රතාවය, දිළිඳුකම, බඩගින්න, අතරෙත් දුප්පතුන්ගෙ බඩට ගහන මාෆියා බිහිවෙනවා. සමාජය වසා පැතිරෙන දූෂණය පාලනය කරගන්න කිසිම කෙනෙකුට බැරිවෙන මට්ටමක් ඇතිවෙලා.

පාස්කු ප්‍රහාරය

ඒ වගේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරගන්න බැරි තත්වයක අපි ඉන්නෙ. දේශපාලන බලපෑම්, දේශපාලන වාසි, දේශපාලන ඕන එපාකම් නිසා යුක්තිය ඉෂ්ට වෙන්නෙ නෑ. සිද්ධියේ යථාර්ථය කාපට් එක යටට දාන තත්වයක් ඇති බව මා අදත් කියනවා.

අප කටයුතු කරන්නෙ ලැබෙන ලාභ ප්‍රයෝජන, තනතුරු වරප්‍රසාද අපේක්ෂාවෙන් නෙමෙයි. එහෙත් අවාසනාවට සමහරු සුලු සුලු ලාභ ප්‍රයෝජනවල වාසියට තමන්ගේ ආත්මය පවාදීලා තියනවා. අගරදගුරු නිලය ලැබුණා කියලා අගරදගුරු කෙනෙකුට බැහැ එහෙම කරන්න. අපට ලැබෙන වාහන පර්මිට් එකක්, ගොඩනැගිල්ලක් හදාගන්න උදව්වක්, ඉඩම් කෑල්ලක් වගේ දේකට ආත්මය පාවා දෙන්න අපට බෑ.

කතෝලික සභාව වශයෙන් අපි ඉන්න ඕන පාලකයන්ගෙ බලවතුන්ගෙ පැත්තෙ නෙමෙයි. දිළිඳු, අසරණ පීඩිත මිනිස්සුන්ගෙ පැත්තේ. අප අදත් හෙටත් ඉන්නෙ එහෙමයි. අපි අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕන. යුක්තිය සත්‍යය වෙනුවෙන් පෙනී ඉන්න ඕන.“

කාදිනල් තුමෝ කීහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවමත් ලංකාවේ ලොරි රියැදුරන්ට බ්‍රිතානයෙන් කතා කළේ නෑ – විදේශ සේවා නියුක්ති කාර්යංශය

Next Post

ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.