ස්විට්සර්ලන්තයේ සිට එවූ මුදල් කිලිනොච්චි බැංකුවකට
පසුගියදා පරන්තන් හිදී ක්ලේමෝ බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගැනුණු දමිළ යුවළට එම බෝම්බය ප්රවාහනය කිරීම වෙනුවෙන් ස්විට්සර්ලන්තයෙන් රුපියල් පනස් දහසක මුදලක් ලැබී ඇති බව විමර්ශණවලදී අනාවරණය වී තිබේ. මෙම මුදල් කිලිනොච්චියේ පිහිටි බැංකු ශාඛාවක ඔවුන් නමින් ඇති ගිණුමකට බැර වී ඇති බව ඒ අනුව අනාවරණය වී ඇත.
එමෙන්ම මෙම ක්ලේමෝ බෝම්බයේ සිංහල භාෂාවෙන් සතුරා දෙසට යනුවෙන් සටහන් වී ඇති බවත දැක්වෙන බවත් ඒ අනුව එය ඔවුන්ට ලැබුණු මාර්ගය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශෂණ සිදුවෙමින් පවතින බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය 02 වැනිදා මෙම යුවළ යාපනයේ සිට මහනුර බලා යන බස්රථයකට අයියකච්චි ප්රදේශයේදී ගොඩ වී ඇති අතර ඔවුන් පරන්තන්හිදී බසයෙන් බැස ඇත.
යුධ හමුදා බුද්ධි අංශවලින් ලද තොරතුරකට අනුව යාපනයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් මෙම යුවළ අත්අඩංගුවට ගත් අතර ඔවුන් බුමුතුරුණු තොගයක් මත සඟවාගෙන පැමිණි ක්ලෙමෝ බෝම්බය එහිදි හමුවිය.
මෙම බෝම්බය ප්රවාහනය කිරීම ස්විට්සර්ලන්තයේ සිටින කොටි සාමාජිකයකුගේ උපදෙස් මත ත්රිකුණාමලයට යැවීම සඳහා මෙසේ රැගෙන ආ බව එහිදී හෙළි විය.







