බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෝනත් DIG… මහත්තයත් DIG… පොලිස් ඉතිහාසය වෙනස් කළ පොලිස් පවුල…

by editor
ඔක්තෝබර් 9, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරීන් තිදෙනෙක් එකවර නියෝජ්‍ය පොලිස්පතිධුරයන්ට උසස්වීම් ලබන විට ඊට සමගාමීව පොලිස් ඉතිහාසයේ මුල්ම වරට තවත් විරල සිදුවීමක්ද  ලියැවෙන්නේය. ඒ බිරියත් සැමියාත් දෙදෙනාම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වීමෙනි.

බිරිය එන්.ඩී. සෙනෙවිරත්නය. සැමියා මහින්ද ගුණරත්නය. උසස්වීම ලබන තෙක්ම සෙනෙවිරත්න සේවය කළේ රාජ්‍ය බුද්ධි සේවයේය. දැන් ඇයට අලුත් ස්ථානයක් හිමිව ඇත. ඒ රාජ්‍ය බුද්ධි සේවයෙන් නිදහස ලබමිනි.

ඇගේ සැමියා සේවයේ නිරතව සිටින්නේ කළුතර   දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය. ඔහුද වැඩි කලක් රාජ්‍ය බුද්ධි සේවයේත් ප්‍රභු ආරක්ෂක අංශවලත් සේවය කළ නිලධාරියෙකි.

මේ දෙන්නාම පොලිස් සේවයට එන්වන්නේ මෙරට භීෂණය රජකල 1987 හා 1988 යන වර්ෂවලය. ඒ එකල එන්.අයි.බී. ලෙස හැදුන්වූ ජාතික රහස් තොරතුරු බියුරෝවේ සේවයටය. සෙනෙවිරත්න 1987 වසරේ උප පොලිස් පරීක්ෂිකාවක් ලෙස එක්වන අතර ගුණරත්න 1988 වසරේදී උපපොලිස් පරීක්ෂකවරයෙක් ලෙස එක්විය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මේ දෙන්නා ප්‍රේමසෙයන් වෙලෙන්නේද මුල් වකවානුවේදීමය. 1998 වසරේදී මේ දෙදෙනා විවාහ දිවියට එළඹෙන අතර ගුණරත්න සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේද එම වකවානුවේදීමය. ඔහු එවකට සේවයේ නිතරව සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ ආරක්ෂක අංශයේය.

ගුණරත්ත පොලිස් පරම්පරාවකට උරුමකම් නොකීවත් සෙනෙවිරත්ත පොලිස් පරම්පරාවකට උරුමකම් කී තැනැත්තියකි. ඇය කුඩා කල පටන් හැදී වැඩුනේ පොලිස් ඇසුරේය. පොලීසිය ඇය ට අමු තැනක් නොවූයේ පාසල් ගොස් පවා කෙලින්ම ගියේ පොලීසියට වූ බැවිණි. ඒ ඇගේ මව් පියන්ද පොලිස් නිලධාරීන් වූ බැවිණි.

සෙනෙවිරත්නගේ මව ශ්‍රී ලංකා පොලීසියේ ආරම්භක කාන්තා භට කණ්ඩායමේ සාමාජිකාවකි. ඇය පොලීසියට එක්වන විට අද මෙන් දහස් ගණනක් කාන්තා නිලධාරීන් පොලීසියේ සිටියේ නැත. සිටියේ 100 කට අඩු පිරිසකි. ඇය ඒ ඉතිහාසය අදටත් රස කර කියන්නීය. ප්‍රමිලා දිවාකර ඇගේ සමකාලීනයකි. ශ්‍රී ලංකා පොලීසියේ නමගිය චරිතයක් වූ ඇය නොසිටින්නට අද කාන්තා නිලධාරීන්ට මේ තරම් දුරක් එන්නට පවා ඉඩක් නැත. සෙනෙවිරත්නගේ මව ඒ ගැන කියන්නේ ආඩම්බරයෙනි.

සෙනෙවිරත්න පොලීසියට එක්වන්නේ බුද්ධි අංශයට බදවාගත් පළමු කාන්තා උප පොලිස් කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසිනි. එම කණ්ඩායමේ සාමාජිකාවන් ගණන තුනකි. එක් නිලධාරිනියක් මගදී පොලීසිය අතහැර යන අතර සෙනෙවිරත්න හැරුණු විට අනිත් නිලධාරිනිය අදටත් බුද්ධි සේවයේ සිටින්නීය. ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියකි.

මේ යුවලට දරුවන් දෙදෙනෙකි. දෙදෙනාම අධ්‍යාපන හදාරන වයස්වල පසුවන්නන්ය. එක් දරුවෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතර අනෙක් දරුවා උසස් පෙළ අධ්‍යාපන කටයුතු වල නිරත වන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රංගජීවට වෙඩි තැබූ මධුෂ්ගේ ගෝලයා “පොඩි පැටී“ අල්ලයි!

Next Post

පාදෙණිය අනුරාධපුර පාරේ මාරක රිය අනතුරක්…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.