අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර දිනුම්…

by editor
අගෝස්තු 20, 2023 - Updated on අගෝස්තු 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර විස්තර විචාරක රසල් ආනල්ඩ් මෙසේ කීවේය. “ කරුණාකර අත්දැකිම් අවතක්සේරු නොකරන්න…”

වනිඳු හිටියේ නැත. ඔහු අබාධයකට ලක් වීය. එහෙත් වගකීම කරට ගත් ශ්‍රී ලංකා සජීවී ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා ඈන්ජලෝ මැතිව්ස් බී ලව් කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූයේය.

2023 එල්පීඑල් ශූරන් බී ලව් කැන්ඩිය.

මේ සටහන තබන්නට පෙර මේ වග කියව යුතුය. නුවරට සහ දඹුල්ලට අප්‍රමාණ ස්තුතියි… අවසන් තරගයක තිබිය යුතු උණුහුම ඒ අයුරින්ම දුන්නාට   ස්තුතියි…අපි සියලු දෙනා ඒ උණුසුම අසීිමිතව අත් වින්ද බව කිව යුතුව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ (19) පැවති තරගයේ දී ආබාධයකට ලක් වුණ වනිඳු අද (20) අවසන් මහා තරගයේ දී සිටියේ බංකුවේය.  අවසන් මහා තරගය මෙහෙයවීමේ වගකීම ජීවමාන ක්‍රිකට් පෞරාණිකයා වූ ඈන්ජලෝ මැතිව්ස් වෙත පැවරුණේය.

දඹුල්ල කණ්ඩායම නිසැකවම  පූර්ණ කණ්ඩායමකි. කුසල් මෙන්ඩිස් විසින් මෙහෙයවන ලද කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ දැඩි ආත්ම විශ්වාසයකිනි. ඔවුන් කලින්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලද මෙවර කුසලානය දිනාගනු ඇතැයි අනුමාන කළ කණ්ඩායමය.

අවසන් මහා තරගය පැවතුනේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීය . කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවට පහර දීම තේරුවේය.

අනතුරුව අප නුවරින් දුටුවේ    ආක්‍රමණශීලී පන්දු යැවීමකි. ඉහළ පන්දු රැකීමකි.  පන්දු ඕවර 20 තුළ  දැවී ගියේ කඩුළු 04ක් වුව ද දඹුල්ල කණ්ඩායම ලකුණු 147කට සීමා කරගන්නට නුවර  සමත් වූයේය.

වනිඳු නැති කණ්ඩායමේ දඟ පන්දුවෙන් පිතිකරුවන් දමනය කිරීමේ වගකීම  තමන් වෙත ගත් චතුරංග ද සිල්වා  දවා ගත් කඩුළු 04න් දෙකක් ලකුණු 25කට බිඳ හෙලුවේය.

නුවන් ප්‍රදීප් සහ මොහොමඩ් හස්නින් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. කඩුලු ලබා නොගත් නමුත් විශිෂ්ට පන්දු යැවීමක අත්දැකීම් බහුල නුවර නායකයා යෙදුනේය. අවසන් පන්දු ඕවරය යැවීමේ  වගකීම ගත්තේත් ඔහුය.  ඈන්ජලෝ මැතිව්ස් අවසන්  පන්දු ඕවරය ද සහිව ඕවර  02ක් යවා ලබා දුන්නේ ලකුණු 11ක් පමණි.

කුසල් පෙරේරා පන්දු 25ක දී නොදැවී ලකුණු 31ක් ලැබුවේය. ධනංජය ද සිල්වා පන්දු 29ක දී ලකුණු 40ක්,සධීර සමරවික්‍රම පන්දු 30ක දී ලකුණු 36ක්, නායක කුසල් මෙන්ඩිස් පන්දු 23ක දී ලකුනු 22ක් ලැබුවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 148ක ඉලක්යක් සහිතව නුරව කණ්ඩායම පිටියට පිවිසුනහ.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුවල මොහොමඩ් හරිස් සහ කමිදු මෙන්ඩිස්ය. මෙම පිතිකරු යුවල ලකුණු 49ක සම්බන්ධතාවයක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූහ.  වේගවත් පිතිකරණයක නිරත වෙමින්  සිටි මොහොමඩ් හරිස් ලකුණු 26කට පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ඔහු පන්දු 23ක් තුළ හතරේ පහර 03ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 26 ලබා ගත්තේය.

අනතුරුව පිටියට පැමිණියේ දිනේෂ් චන්දිමාල්ය. අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය දැරූ, 20යි විස්ස ලෝක කුසලානය රටට රැගෙන ඒමට එක් වූ කණ්ඩායම ද එක් අවස්ථාවක මෙහෙය වූ චන්දිමාල් විචක්ෂණ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය. අනතුරුව ඔහු සහ කමිඳු මෙන්ඩිස් අතර සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගිනි.

මනරම් පිතිකරණයක නිරත වූ කමිඳු පන්දු 37ක දී එක් හයේ පරහක් සහ හතරේ පහර 3ක් සමගින් පන්දු 37කට ලකුණු 44ක් ලැබුවේය.

කමිදු  මෙන්ඩිස් මෙන්ම දිනේෂ් චන්දිමාල් දැවී යන්නේ දැක්ෂ පන්දු රැකම්හි  ප්‍රතිඵල ලෙසිනි.  විශේෂයෙන්ම චන්දිමාල් දවා ගන්නට ප්‍රමොද් මධුෂාන් හතරේ සීමාව මායිමේ සිට රැක ගත් උඩපන්දුව තීරණාත්මක එකක් විය.

එමෙන්ම තරය නුවර කණ්ඩායමෙන් ගලවාගෙන තමන් වෙත ලබා ගන්නට තරම් තීරණාත්මක උඩපන්දුවක් අති විශිෂ්ට ලෙස කුසල් ජනිත් පෙරේරා රැක ගත්තේය. පන්දු 10ක් තුළ ලකුණු 19ක් ලබා සිටි අසීෆ් අලි එල්ල කළ පහර ෂෝට් තර්ඩ් මෑන් හි සිටි කුසල් ජනිත් පෙරේරා ගුවනේ පා වී ගොස් රැක ගත් ආකාරය අනුව නුවර කණ්ඩායම වෙත පත් පීඩනය තරගය යළිත් කණ්ඩායම් දෙකටම විවෘත කළේය. ඒ වනවිට පන්දු ඕවර 18.1කි. නුවර කණ්ඩායම  කඩුළු 05කට ලකුණු 132කි. පන්දු 11 තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් ජයග්‍රහණය සඳහා ලබා ගත යුතුය.

මේ වනවිට පන්දුවට පහර දෙමින් සිටි නායක ඈන්ජලෝ මැතිව්ස් සිය අත්දැකීම් සහිත පරිණත ක්‍රීඩා විලාශය යළිත් ප්‍රායෝගික කළේ මේ අවස්ථාවේ දීය

රසල් ආනල්ඩ් කීවේය. “ කරුණාකර අත්දැකීම් අවතක්සේරු නොකරන්න…”

අවශ්‍යම අවස්ථාවේ පීඩනයක් නොගෙන සිදුකළ මැතිව්ස්ගේ විශ්වාසනීය පිතිකරණය අවසානයේ දී නුවර කණ්ඩායමට ජය ගෙනාවේය. ඒ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ය.

මැතිව්ස් නොදැවී ලකුණු 25ක් ලැබුවේ පන්දු 21ක් තුළය. පන්දු ඔවර 19.5ක දී බී ලව් කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය කළේය.  ඒ කඩුළු 05කිනි. තරගයේ වීරයා ඈන්ජලෝ මැතිව්ස්ය.

අප මුල සිටම කී ලෙස තරගාවලියේ වීරයා වනිඳු හසරංගය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරණ කෝන්තරයක පලිය ගන්න කතරගම අසේල හස්ථියාට වස පැණිකොමඩු දුන්න හිටපු ඇත්ගොව්වා සොයා පරීක්ෂණ…

Next Post

පුරාවිද්‍යා නිලධාරීන්ට එරෙහිව යාපනයේ විරෝධතාවයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.