සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිය සාක්කුවේ දාගෙන විරෝධතාකරුවන්ට බලය පෙන්නූ පොලිස් ලොක්කන් 02 සිතාසි…

by editor
ඔක්තෝබර් 22, 2022
in පුවත්
Police-Sri-Lanka
Share on FacebookShare on Twitter

ඒ.ජේ.අබේනායක –

ගාලුමුවදොර සිට අලුත්කඩේ නීතිඥ සංකීර්ණය දෙසට ගිය විරෝධතා පාගමනක් නතර  කරමින් අයුතු අවහිරයක් සිදු කළා යැයි සැක කරන සහකාර පොලිස් අධිකාරී නලීන්  දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්ට ලබන 08 වැනිදා අධිකරණයේ  පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ   නියෝග කළේය

මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්‍යවේදී  තරිඳු ජයවර්ධන ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක්  කැඳවූ අවස්ථාවේ දී ය.

මෙම පැමිණිල්ලෙන් චූදිතයන් ලෙස නම් කර ඇති  පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති  සංග්‍රහයේ 330 සහ ජාතික මංමාවත් පනතේ 59.1 යටතේ ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන්  නොතීසි නිකුත් කිරීමට සෑහීමකට පත්විය හැකි කරුණු  ඇති හෙයින් පිස්කල් හා ලියාපදිංචි තැපෑල මාර්ගයෙන් සිතාසි භාර දෙන ලෙස මහෙස්ත්‍රාත් නියෝග කළේය.

පැමිණිලිකරු වන තරිඳු ජයවර්ධන වෙනුවෙන්  නීතිඥ මනුජය ද සිල්වා සහ නීතිඥ ජයන්ත දෙහියත්තගේ   සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දැක්වීය.

ඔක්තෝබර් මස 9 වැනිදා පොලිසියේ ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පිරිස් විරෝධතාවක්  සූදානම් කර තිබූ බවත්, විරෝධතා පාගමන සහ එම  විරෝධතා ගාලුමුවදොරින් 10 වැනිදා සවස 3 ට ආරම්භ වන බවට පැමිණිලිකරු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙර දින රාත්‍රියේදී ඊමේල් මගින් සහ වට්ස් ඇප් මගින් දැනුම් දී ඇති බවත්, එම ඊමේල්  පණිවිඩය එම අවස්ථාවේදී ම පොලිස්පතිවරයාට ද  පිටපත් කර ඇති බවත් අධිකරණයේ කරුණු දක්වමින්  ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පැමිණිලිකරු ඇතුළු 50ක 100ක පමණ පිරිසක්  සාමකාමීව පැවැත්වූ මෙම පාගමන පොලිසිය මාර්ගය  වසා අවහිර කළ බවත්, පාගමන පදික වේදිකාව  ඔස්සේ සාමකාමීව ඉදිරියට යද්දී පොලිසිය පදික  වේදිකාව සහ මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමූ බවත් කී සාලිය පීරිස්   ඊට අදාළ වීඩියෝ දර්ශන ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.

පළමු සහ දෙවැනි චූදිතයන් වන පොලිස් නිලධාරීන්  දෙදෙනා මෙම අවහිර කිරීමට එම ස්ථානයේ සිටිමින්  සක්‍රීයව දායක වූ බවත්, මෙම පාගමන සම්බන්ධයෙන්  පැය 06කට පෙර දැනුම් දී නැතැයි කියමින් එම  අවහිරය කළ ද පැය 06කට පෙර දැනුම් දුන් බවට  පැමිණිලිකරු ප්‍රකාශ කරද්දී එය ගණන් නොගෙන නිලධාරීන් හැසිරුණු බවත්, ඔවුන් අයුතු අවහිරයක්  කළේ සද්භාවයෙන් නොවන බව එම ස්ථානයේ  ඔවුන්ගේ හැසිරීම බැලූ විට තහවුරු වන බවත්  ජනාධිපති නීතිඥවරයා කීවේය.

එදින විරෝධතාව ගැන පොලිසිය දැනුවත් කර  තිබියදී සහ විරෝධතාව නතර කිරීමට පොලිසිය කළ  ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබියදීම මෙම  නිලධාරීන් දෙදෙනා මෙම වැරදි මෙන්ම ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම්  ද කඩ කර ඇති බවත් සාලිය පීරිස් මහතා සඳහන් කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා චූදිතයන් ලෙස නම් කළ නිලධාරීන් දෙනාට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.

දිවයින-

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඇමති වරදානවලට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාගයට දින නියම වේ…

Next Post

මහින්ද සමග නැගිටින්න බෑ… ප්‍රසන්න රාජපක්ෂලා අත්හරී ?

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.