විදෙස්ගතව සිටින පුද්ගලයන් විසින් ශ්‍රී ලංකාවට නිල වශයෙන් එවන විදේශ ප්‍රේෂණ මෙම ජනවාරි මාසයේදී වාර්තාගත ලෙස සියයට 61.6කින් පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව ජනවාරි මාසයේදී ශ්‍රි ලංකාවට ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 259.2 ක් වන අතර එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 61.6 කින් අඩු වීමකි.
මූල්‍ය විශ්ලේෂකයන් මෙවැනි තතත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි කල් ඇතිවම බලාපොරොත්තු වූ අතර එයට හේතු වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් නිල නොවන උණ්ඩියල්, හවාලා වැනි නීති විරෝධී නාලිකා හරහා ඉහළ විනිමය අනුපාතිකයකට මුදල් එවීම නිසා බව මහබැංකු ආරංචි මාරග පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලරයට රුපියල් 200 ක අගයක රඳවා තැබීමට උත්සාහ කරන අතර විදෙස්ගත ශ්‍රමිකයන් විසින් එවනු ලබන මුදල් සදහා ඩොලරයකට රුපියල් 210ක් ලබා දෙයි. එසේ වුවද නිල නොවන කුමවලින් මුදල් එවීමේදී ඔවුන්ට ඩොලරයට රුපියල් 240කත් 250ත්අතර මුදලක් ලබා ගත හැකි බැවන් හැකි තරම් පුද්ගලයන් එම ක්‍රම භාවිත කිරීමට පෙලඹෙමින් සිටියි.
ශ්‍රි ලංකාව තුළ සිදුවන මූල්‍ය දූෂණ පිළිබඳව හෙළිදරව් සහ විවේචන සමඟ ඇතැම් රටවල ශ්‍රි ලාංකිකයන් සමාජ ජාල හරහා මේ වනවිට නිල කුමවේදවලට මුදල් එවීම අධෛර්යවත් කිරීමේ ව්‍යාපාරයන්ද ගෙන යමින් සිටින බව වාර්තා වේ.







