නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි..
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම් ගාල්ල දිසාව සිට බඳවාගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරුකර යවා ඇත
ගම්පොළ කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ටී.එච්.ඊ.එල්. පෙරේරා කොළඹ උතුර කොට්ඨාසයටත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන මොනරාගල කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානයටත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ආර්. පුෂ්පකුමාර කොළඹ උතුර කොට්ඨාසයේ සිට විශේෂිත ගුවන්තොටුපොළ කොට්ඨාස අධ්යක්ෂවරයා ලෙසත් මාරුකර යවා තිබේ.
එමෙන්ම වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාර කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත් පොලිස් මූලස්ථානයේ අතිරේක මූලස්ථාන පරිපාලන අධ්යක්ෂ ලෙස කටයුතු කළ ඩබ්. එම්. එස්. බී. වික්‍රමසිංහ මොනරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත් මාරුකර යවා ඇත.
මීට අමතරව මහනුවර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ පී.ඩී. ඉලංගකෝන් ගම්පොළ කොට්ඨාසයට මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.







