බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියඟය නිමයි… මහ වැසි වසී… අවසන් රන්දෝලි පෙරහර හෙටයි…

by editor
අගෝස්තු 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ලංකාවට බලපා ඇති එල්නිනෝ සංසිද්ධිය හේතුවෙන් දිවයිනට සාමාන්‍ය වැසි ලැබීමේ තත්ත්වය වෙනස් වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කීවේය. ඒ මීට සති දෙකකටත් මෙපිට කාලයේ දී ය.

මැයි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ නිරිතදිග මෝසම්  සමයේදී ද ලැබෙන වැසි තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කරන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේය. ඒ පසුගිය 19 වැනිදාය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂිකා (අනාවැකිකරණ )ශිරෝමණි ජයවර්ධන  පසුගිය 21 දා සඳහන් කළේ සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට නැවත මහ වැසි ඇද හැලෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල දී බව ය.

සාමාන්‍යයෙන් අගෝස්තු දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන මාසයක් බව පැවසූ ඇය, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් මෙවර එය ප්‍රබල වූ බව ද ප්‍රකාශ කළාය.

මේ අතරේ මෙවැනි ප්‍රකාශත් දක්නට ලැබිනි.ඒත් අපේ ගම්වල අම්මලා අත්තම්මලා කීවේ ඉන්තේරුවෙන්ම 30 වැනිදාට පෙර අනෝරා වැසි වසින බවය. ඒ මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර වැඩම කරන්නේ 30 වැනිදා නිසාය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මහා සංස්කෘතික මහෝඝයක සාරය වූ ඇසළ පෙරහර මංගල්‍යයේ  පොදු මූලික පරමාර්ථය ගොවිතැනට අවශ්‍ය වර්ෂාව ලබා ගැනීම හා සශ්‍රීකත්වයය.   පෙරහැරේ සියලු ලක්ෂණ වර්ෂාව සංකේතවත් කරන්නේය.

හේවිසි – බෙර නාදය – අහස ගෙරවීම සංකේතවත් වන්නේය. කස පහර අකුණුය.    ඇත්තු වැහි වලාකුළු සංකේතවත් කරන්නේය . නැටුම් ගැයුම් වාදන   පන්දම් එළි විදුලි කෙටීම වැනිය.

ගොවිතැනට අවශ්‍ය වර්ෂාව ලබා ගැනීම – හිරු එළිය – සශ්‍රීකත්වය පරමාර්ථ කොට ගෙන අපේ ඇත්තෝ පෙරහර කළහ. අපේ අම්මලා අත්තම්ලා මේ  මහා සංස්කාතික ගැඹුර සහ සුද්දෙන් දැන සිටියේය.

මේ සටහන ලියන මටවත් උන්දැලා ගැන විශ්වාසයක් තිබුණේ නැත.

ඒත්     අද දවස පුරා නුවරට අනෝරා වැසිය. නුවරට පමණක් නොව, රටේ බොහෝ පෙදෙස්වලට වැස්සය.  සිවුවන රන්දෝලි පෙරහර මේ වනවිට වීදි සංචාරය කරන්නේත් වැස්ස මැදය.  දෙනෝ දාහක් බැතිමතුන් ඒ මහා වැස්සේ තෙමෙමින් මේ අසිරිමත් පෙරහර මංගල්‍යය නරඹන්නේය.

මේ වැස්ස දකිනවිට අමතක නොකළ යුතු කතාවක් සිහිවන්නේය.

එක්දහස් අටසිය පහළොවේ ඉංග්‍රීසින්ට රට යටත්වූ අලුතම වාගේ මහත් නියංසායක් ඇති විය. සිංහල රජ දවස අසිරිමත්ව පැවැත්වූ දළදා පෙරහැර සිරිත් ප්‍රකාරව නොපවත්වා අවුරුදු දහ පහළොවක් ගතවූ විට ඇතිවූ මේ දැඩි නියඟයට හේතු සාධක වශයෙන් බෞද්ධයන් විසින් ඉංග්‍රීසින්ට චෝදනා කළේ පාරම්පරිකව පැවැත්වූ දළදා පුද සිරිත් වලට රාජානුග්‍රහය නොදැක්වීමය. ඇති වී තිබෙන නියඟය දුරුකර ගැනීමට අවශ්‍යව සිටි ඉංග්‍රීසිහුද ඒ සඳහා අවසරය ලබා දුන්හ. ඒ 1828 මැයි 29 දාට යෙදුන වෙසක් පොහෝ දිනයෙහි එම පූජෝත්සවය පවත්වන ලෙසය. ඉංග්‍රීසීහු වර්ෂ 1828 මැයි 29 බ්‍රහස්පතින්දා දන්ත ධාතූන් වහන්සේ මාළිගාවෙන් පිටතට වඩම්මවා මහනුවර වීදි ඔස්සේ පෙරහර කරවූහ.

පසුව මහජනතාවට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූහ. ඉන්පසු ලංකාවට එතෙක් තිබුණු දැඩි නියඟය තුරන්වී මහා ගංවතුරක් පවා ගැලූයේය.

දළදා වතුර ලෙස ප්‍රකට වූයේ එයය.

එකම දේ පුනරුච්ඡාරණය වනවිට අප අදහන විද්‍යාවේ මානයන්ට හසුනොවන මහා විද්‍යාවක් පවතින බව පිළිගන්නට තරම් අප අධ්‍යාත්මිකව සංවර නම් ලෝකය මීට වඩා බොහෝ හොඳ තැනක් වනු ඇති බව විශ්වාසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝක ඉතිහාසට නව පිටුවක් එක් කළ චන්ද්‍රයාන් 3…

Next Post

ඇමති නියෝග කුණු කූඩයට දමා ශ්‍රී ලංකා ක්‍රිකට් ගවනර්ස් කුසලාන තරගාවලිය හෙට අරඹයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.