නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන් ගමන් ගත් රථය ඊයේ (19) සවස යතුරුපැදි කරුවෙක් අනතුරට ලක්කර තිබේ.
අක්කරපත්තුව අම්පාර මාර්ගයේ කොතලාවල හන්දිය අසල දී ඊයේ සවස 3.30ට පමණ ආණ්ඩුකාරවරයා ගමන් ගත් නිල රථයේ එම යතුරු පැදිය ගැටී ඇත.
අනතුරට ලක් වූ පැදිකරු සහ පසුපැදි කරු රෝහල්ගත කර තිබේ. ආණ්ඩුකාරවරයාගේ රථයට හානි සිදුවී තිබේ.
අනතුර සිදුකිරීමේ වරදට ආණ්ඩුකාරවරයාගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇතැයි පොලිසිය පවසයි.