නායේ යෑමක් හේතුවෙන් නෝට්න්බ්‍රිජ් මස්කෙළිය මාර්ගාය සම්පූර්ණයෙන්ම අවහිර වි ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
දියගල සිට නෝට්න්බ්‍රිජ් දෙසට කිලෝමීටරයක් දුරින් පළමු කිලෝමීටර කණුව අසල විශාල ගස්, ගල් සහිත පස් කණ්ඩියක් කඩා වැටීම නිසා මෙම මාර්ග ඇහිරීම සිද්ධ වි තිබේ.
මාර්ගය යථා තත්ත්වයට පත්වන තෙක් හැටන් සිට නෝර්ටන්බ්‍රිජ් දක්වා ගමන් ගන්නා වාහන හැටන් සිට කාසල්රී ඔස්බොන් හරහා පැමිණ නෝට්න් බ්‍රිජ් වෙත පැමිණෙන ලෙස පොලිසිය කියයි.
කොළඹ සිට නෝර්ටන්බ්‍රිජ් දක්වා ගමන් ගන්නා රථවාහන කළුගල හන්දියෙන් පොල්පිටිය හන්දියට පැමිණ, ලක්ෂපාන මාර්ගය ඔස්සේ ඩබල්කටින් හන්දිය හරහා නෝටන්බ්‍රිජ් දක්වා ගමන් කරන ලෙස ද පොලිසිය දන්වයි.







