ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය ලේකම්වරයා ලෙස සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ලබන සදුදා දිනයේ දී යෙදෙන සුබ මොහොතින් වැඩ භාර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍ය පාලිත ගුණරත්න මහීපාල 2019 අප්‍රේල් මාසයේදී පාකිස්තානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පත් කරනු ලැබ තිබිණි.
වෛද්‍ය මහීපාල වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකි. මින් පෙර ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක සෞඛ්‍ය ලේකම් සහ ශ්‍රී ලංකා රජයේ සාමාන්‍ය මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ විශිෂ්ඨයෙකි.
ඔහු මහජන සෞඛ්‍යය, සෞඛ්‍ය අංශ කළමනාකරණය, ව්‍යාපාර පරිපාලනය සහ ආර්ථික සංවර්ධනය යන ක්ෂේත්‍රවල සුදුසුකම් ලැබූ වෘත්තිකයෙකි. අන
මීට අමතරව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ශ්‍රී ලංකාවේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්යවරයෙකු සහ පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ජාතික හා ජාත්‍යන්තර සඟරාවල ලිපි ගණනාවක් පළ කළ පර්යේක්ෂකයෙකි.
මෙම විද්වත් වෘත්තිකයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා ලෙස වැඩ බාර ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන වංචා දූෂණයන්ට තිත තබනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කිරීමට බලාපොරොත්තු වන නව ලේකම්වරයා එම කාර්යභාරය කුමක්ද යනවග ලබන සදුදා ලේකම් තනතුරේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති නියෝජිතයින් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් බොහෝ දෙනෙකු සඳහන් කරනු ලබයි.
සෞඛ්ය ලේකම්වරයාගේ නිල කාලය අවසන් වීම හේතුවෙන් නව ලේකම්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම කරනු ඇත.







