සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව ගෙවීම් ක්‍රමය සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල් 400ක් වසයි… පෝලිම් දික් වේ…

පැවති ක්‍රමය බිඳ දමන්නේ ඉන්ධන පිරවුම්හල් විදේශික සමාගම්වලට විකිණීමේ කෙටුම්පත් සැකසෙද්දී...

by editor
සැප්තැම්බර් 4, 2022
in පුවත්
fuel
Share on FacebookShare on Twitter

ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදු කළ යුතු බවට  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ   පවසයි.

පසුදා ඉන්ධන තොගය ලබා ගැනීම සඳහා පෙර දින රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන තොගය සඳහා ඉන්ධන පිරවුම්හල් මුදල් ගෙවිය යුතු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියම කර ඇතත් එසේ සිදුකිරීම අපහසු කටයුත්තක් බව සභාපතිවරයා  පෙන්වා දුන්නේය.

රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන පිරවුම්හල් හිමියන් මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් පසුදින ඔවුන්ට ඉන්ධන නොලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වසා දැමීමට සිදු වූ බවත් සති කිහිපයක් සාර්ථකව ඉන්ධන නිකුත් කිරීමෙන් පසුව නැවතත් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ බවත් ඔහු කීවේය.

ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ඉන්ධන පිරවුම්හල් මීට සමාන ගෙවීම් ක්‍රමයක් අනුගමනය කළත් එම ඉන්ධන පිරවුම්හල් සඳහා මධ්‍යම රාත්‍රී 12 තෙක් කාලය ලබා දී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද එය අනුගමනය කරන්නේ නම් එය ඉන්ධන පිරවුම්හල් හිමියන්ට පහසුවක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් දක්වා සීමා කර තිබුණත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබීම හේතුවෙන් ඉන්ධන සඳහා පාරිභෝගික ඉල්ලුමද ඉහළ යමින් පවතින බැවින් දිනකට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය වැඩි කළ යුතු බව ඔහු කිවේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිණුමට මුදල් බැර කළත් නියමිත වේලාවට ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න   චෝදනා කළේය.

ඉන්ධන ලබා ගැනීමට ප්‍රථම චෙක්පත් ලබා දීම අලෙවිකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ප්‍රායෝගික ගැටලුවක් වී ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

විශේෂත්වය වන්නේ    නව ගෙවීම් මත ඉන්ධන පිරවුම්හල් ක්‍රියාත්මක කරගත නොහැකි මට්ටමට පත් වී ඇත්තේ    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 700ක් පමණ විදේශීය තෙල් සමාගම් වෙත පැවරීමට රජයේ සුදානම මධ්‍යයේ  වීමය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය. චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් පමණ ඉන්ධන පිරවුම්හල් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ලංකාදීප –

Share69Tweet43
Previous Post

ටී.එන්.ඒ හලා “ටෙලෝ “ තනියෙන් ජනපති හමුවෙයි…

Next Post

එකට බී එකම වෙලාවක පාරවල් දෙකකින් නොඑන ගමන් ගිය බේබදු යාලුවෝ දෙන්නෙක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.