සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවීන තාක්ෂණය භාවිතයෙන් සිදුකරන පාතාල අපරාධ මඩින්න නව නීති පද්ධතියක් හඳුන්වා දෙනවා… ජනාධිපතිවරයා කියයි!

by editor
අගෝස්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් නවීණ තාක්ෂණය භාවිතයෙන් සිදුකරන අපරාධ වැලැක්වීම සඳහා නව නීති ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. ඔහු පැවසුවේ අපරාධ සහ පාතාලයේ හැසිරීම් ස්වරූප වෙනස් වී ඇති බවත් ඒ අපරාධ මර්ධනය කිරීම සඳහා නූතන තාක්ෂණික ක්‍රම වැඩි වශයෙන් භාවිතා කරන අතරම යාවත්කාලීන වූ නීති පද්ධතියක් සම්පාදනය කරන බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරිමේ අවස්ථාවට අද (13) පස්වරුවේ එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

අද මෙම විශේෂ ක්‍රියාකාරි මධ්‍යස්ථානය විවෘත කිරීම විශේෂ කාර්ය බලකායේ තවත් සුවිශේෂි පියවරක් ලෙස සඳහන් කළ හැකියි. එදා එල්ටීටීඊ ත්‍රස්තවාදය සමඟ සටන් කිරීම සඳහා මඩකලපුව ප්‍රදේශයට යැවු මෙම කණ්ඩායම අද ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කරන විශේෂ කාර්ය බලකායක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම ලොව පුරා ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. අද ලෝකය එදාට වඩා වෙනස්. ඉදිරියේ දී එය තවත් වෙනස් වෙනවා. 2030 වසර වන විට මේ රටේ ආරක්ෂාවට මෙම බලකායෙන් සිදු කරන සේවය කුමක්ද කියා හඳුනගෙන එහි නවීකරණයක් කළයුතුව තිබෙනවා. එහිදී තාක්ෂණය වැඩි වශයෙන් භාවිතයට ගත යුතුයි. අද සෑම අංශයක්ම තාක්ෂණය මත ක්‍රියාත්මක වෙනවා.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

සාමාන්‍ය අපරාධ සහ විශේෂ අපරාධ අතර අද වෙනසක් නැතිව ගොස් තිබෙනවා. එදා අපරාධකරුවන් ලෙස හැදින්වූයේ එකට එක් වූ කණ්ඩායමක්. නමුත් අද එය ඔවුන් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරමද අද කණ්ඩායම් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. එම නිසා මෙම නීතිවිරෝධි ක්‍රියාවන්ට එරෙහිව ගෙන යා යුතු වැඩපිළිවෙළ අප අලුතින් සිතා සකස් කළ යුතුයි.

පාතාලයේ ඕනෑම අයෙකුට අද තිබෙන නව තාක්ෂණය භාවිත කළ හැකියි. එම නිසා ඒවා පාලනය කිරීම සඳහා වෙනම නීති ගෙන ඒමට සිදු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය පාලනය සඳහා ද එක් ආයතනයක් යටතේ නව නීති ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. පොලිස්, හමුදා සහ සිවිල් සියලු ආයතන එකට එක් කරගනිමින් මත්ද්‍රව්‍ය විරෝධි විධාන පනත යටතේ නව ආයතනයක් ස්ථාපිත කර ඊට බලතල පැවරීමට මා බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය නම් මෙම කණ්ඩායම දීර්ඝ වශයෙන් මෙම කටයුතුවල යෙදවිය හැකියි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සමාජය විනාශ කිරීමට ඉඩ දෙන්න බැහැ.

රටේ ජනතාවට නීතිය හා සාමය යටතේ ජීවත්වීමට ඉඩ දීම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බව කිවයුතුයි. එයත් නිතියට ඇතුළත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ඉදිරි මාසය තුළ ඔබට තවත් විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා. මෙරට ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකම වන්නේ රට තුළ නීතිය හා සාමය තහවුරු කර නීත්‍යානුකූල ආකාරයට මෙම මැතිවරණය පැවැත්විමට අවස්ථාව සලසා දීමයි. ජනාධිපතිවරයා ලෙස එය මගේ මෙන්ම මැතිවරණ කොමිසමේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකමක් බව කිවයුතුයි.

එපමණක් නොවෙයි, ඕනැම මැතිවරණයකින් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙනවා. අප ඒවා නැවැත්විය යුතුයි. මෙවර මැතිවරණයෙන් පසු කිසිඳු අයුරකින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය නොහැකියි. අප ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළයුතුව තිබෙනවා.

අපට අද මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවී තිබෙන්නේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වී තිබෙන නිසයි. අපේ ව්‍යවස්ථාව ආරක්ෂා වී තිබෙන නිසයි. අපි නව ආණ්ඩුවක් පත් කර ගන්නේ ව්‍යවස්ථාව අනුවයි.
1931 වසරේ සිට සර්ව ජන ඡන්ද බලය සහ ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත්තේ ශ්‍රී ලංකාව පමණයි. මානව හිමිකම් උල්ළංඝණය වූ බවට සහ වෙනත් චෝදනා තිබෙනවා. නමුත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකාව පමණයි. අප මෙම ක්‍රමවේදය ආරක්ෂා කරගත යුතුයි. කිසිවිටෙකත් එය කැඩීමට ඉඩ දිය යුතු නැහැ. දේශපාලන පක්ෂ අතර කෙතරම් ප්‍රශ්න තිබුණද මැතිවරණ ප්‍රතිඵලවලින් පසු ජය පරාජය පිළිගෙන ආණ්ඩු මාරු කරගන්නවා. එය කළ හැක්කේ මෙම වාතාවරණය තිබෙන නිසයි.

නමුත් මීට වසර දෙකකට පෙර මේ රටේ ආණ්ඩුව බිඳ වැටීමට ගියා. ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය අත්පත් කරගෙන අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ගිනි තබා අගමැති කාර්යාලයත් අත්පත් කරගෙන පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට අරගලකරුවන් උත්සාහ කළා.
නමුත් අපේ යුද හමුදාව ඇතුළු නීතිය ආරක්ෂා කරන සියලුදෙනා ගත් පියවර නිසා එදා අපිට පාර්ලිමේන්තුව අහිමි වී යාම වළක්වා ගැනීමට හැකි වුණා. මම ආණ්ඩුව භාරගෙන රටේ ආර්ථිකය ස්ථාවර කර බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අද අපට රටේ මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ පිළිබඳ අප ආඩම්බර විය යුතුයි. නමුත් එදා මේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර නොගත්තා නම් කුමක් සිදු වෙයිද කියා විමසිය යුතුයි
අද මේ මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබී තිබෙන්නේ අප එදා ගත් පියවර නිසයි.

අද බංග්ලාදේශයේ ආණ්ඩුව පන්නා දමා තිබෙනවා. ආණ්ඩුව භාරගන්න කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ව ඝාතනය කරනවා. ආරක්ෂක ලේකම්වරයාට, අගවිනිසුරුවරයාට, මහ බැංකු අධිපතිට රටින් පිටවෙන ලෙස දැනුම් දී තිබෙනවා. හෝටල් ගිනි තබා විනාශ කර තිබෙනවා. ඒ රටේ තවමත් සාමාන්‍ය තත්ත්වයයක් ඇති වී නැහැ.

නමුත් අපේ රටේ ආරක්ෂක හමුදාව ලෙස ඔබ එදා ගත් පියවර නිසා අප එම තත්ත්වයෙන් බේරුනා. දැන් සැප්තැම්බර් 21 වනදා මේ රටේ ජනතාවට තමන් කැමැති අපේක්ෂකයෙකුට ඡන්දය ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා.

අපි සෑම අවස්ථාවකම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කළා. මගේ මිත්‍ර මුහම්මද් යුනුස් මැතිතුමාට මගේ සුබ පැතුම් පළ කරන අතර බංග්ලාදේශය තුළ කඩිනමින් නීතිය හා සාමය ස්ථාපිත වේවායි ද කියා ප්‍රාර්ථනා කරනවා. කිසිවිටෙක එයින් ඉවත්විය යුතු නැහැ.

මේ රටේ මූලික අයිතිවාසිකම ප්‍රජාතන්ත්‍රවාදයයි, ඒ වගේම ආණ්ඩුවක පැවැත්මයි. නිත්‍යානුකූල ආණ්ඩුවක් තිබෙනවා නම් එම ආණ්ඩුව ආරක්ෂා කළ යුතුයි. මම එය ඉගෙන ගත්තේ 1970 වසරේදීයි. එක්සත් ජාතික පක්ෂය එදා විපක්ෂයේ කටයුතු කළා. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඇති වූ අවස්ථාවේ විපක්ෂනායක ලෙස ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා “මේ ආණ්ඩුවට අපි කැමති නැහැ. මේ ආණ්ඩුව පන්නා දැමිය යුතුයි. නමුත් අප එය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළයි” කියලා.

ඒ වගේම “මෙය ප්‍රජාතන්ත්‍රවායට තර්ජනයක්. ඒ නිසා මම බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවට සම්පූර්ණ සහාය ලබා දෙනවා. එය මම කැමති ආණ්ඩුවක් නොවුණත් ජනතාව තෝරාගත් ආණ්ඩුවක්” කියා එතුමා ප්‍රකාශ කළා. එදා සිටම අප එම ක්‍රමය ඇති කර තිබෙනවා.

1989 විරුද්ධ පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා ප්‍රේමදාස ජනාධිපතිවරයා හමු වී ප්‍රකාශ කළා “ඔබතුමාට අපේ සම්පුර්ණ සහාය ලබා දෙනවා” කියලා. අපේ ඉතිහාසය එයයි.

ඔබතුමන්ලා 2022 ජූලි මාසයේ මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා මේ රටේ ජනතාවට 2024 සැප්තැම්බර් 21 වනදා තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ පිළිබඳ මම ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හදවත් රෝගීන්ට කල් ඉකුත් වූ ඖෂධ දීලා… ඖෂධ කල් ඉකුත් වී ඇතැයි කි විට ඒ බව ආණ්ඩුවට කියන්න කියලා… මනම්පිටිය රෝහලෙන් ඇහෙන කතාවක්!

Next Post

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අඛණ්ඩ ජයග්‍රහණ රටාව අයර්ලන්තයේ දී බිඳවැටුණු හැටි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.