සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අඛණ්ඩ ජයග්‍රහණ රටාව අයර්ලන්තයේ දී බිඳවැටුණු හැටි!

by editor
අගෝස්තු 14, 2024 - Updated on අගෝස්තු 15, 2024
in ක්‍රීඩා
ගෙබී ලෙවිස්

ගෙබී ලෙවිස්

Share on FacebookShare on Twitter

හැමදාම මැච් දිනන්නට බැරි බව කිව යුතුය. ශ්‍රී ලංකා කෙල්ලන්ගේ අඛණ්ඩ ජයග්‍රහණ දාමය ඊයේ (13) බිඳුනේය. කාන්තා විස්සයි 20 තරගයක දී ලකුණු 174ක් යනු දැවැන්ත ඉලක්කයකි. ඒ ඉලක්කය හඹා ගොස් ලබා දුන් තියුණු තරගයකින් පසු ලකුණු 07කින් අපි පරාද ය. ලෝකයේ අංක එක වු චමරි නැත. ඒත් කණ්ඩායමේ තියුණු සටන්කාමීත්වය අත්හැරී නැත.

නමුත් එකක් කිව යුතුය. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පන්දුව නිසි තැන පතිත කිරීමට උත්සාහ කරමින් වට්ටියක දමා දෙන්නාක් සේ ෆුල්ටොස් පන්දු පූජා නොකර මූලික දේවල් ටික හරියට කළා නම් මේ තරගය අප දිනුම් ය.

ඊයේ පැවතියේ තරගාවලියේ දෙවැනි තරගය ය. අයර්ලන්තයේ සැන්ඩිමවුන්ට්, ඩුබ්ලීන්හි පෙම්බ්‍රොක් ක්‍රිකට් ක්ලබ් ක්‍රීඩාංගනයේ තරගය පැවැත්විනි. කාසියේ වාසිය දිනුවේ අයර්ලන්ත කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහරදීම තේරූහ.

මුල් කඩුල්ල ලකුණු 20 දී බිඳ වැටිනි. 5 වැනි ඕවරයේ 1 පන්දුවේ දී ශෂිනි ගිම්හානි එවූ පන්දුවකට කවීෂා දිල්හාරි පහසු උඩපන්දුවක් රැක ගත්තා ය. එතැනි සිට මුළු තරගයම ගොඩනැගුනේ අයර්ලන්තයේ අංක 2ක පිතිකාරිනිය වූ ගෙබී ලෙවිස් වටාය. ඇය අයර්ලන්ත කාන්තා ක්‍රිකට් ඉතිහාසය වර්ණවත් කරමින් පන්දු 75ක දී ලකුණු 119ක් ලැබුවාය. ඊට හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ඇයගේ පිතිකරණ ප්‍රහාරක වේගය 158ක් වූයේය.

ගෙබී ලෙවිස් සිය ශතකය සමරමින්…

මේ පිතිකරණය අයර්ලන්තයේ විස්සයි 20 ක්‍රිකට් වංශ කතාවේ වාර්තා රැසක් අලුත් කළේය. අයර්ලන්ත විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ තනි ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ඊයේ ගෙබී ලෙවිස් වාර්තා කළාය. පන්දු 75ක් තුළ ඇය ලබා ගත් ලකුණු 119න් ඇය විසින්ම තබා තිබුණු ලකුණු 105ක වාර්තාව බිඳ වැටිනි.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පළමු කඩුල්ල වැටෙන්නේ ලකුණු 20 දී ය. දෙවැනි කඩුල්ල බිඳ වැටෙන විට ලකුණු 139කි. ඕර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් පන්දු 31ක දී ලකුණු 38ක් ලබා සිටිය දී අචිනි කුලසූරිය එවූ පන්දුවකට සචිනි නිසන්සලා උඩ පන්දුවක් රැක ගෙන දැවී යද්දී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕර්ලා සහ ගෙබී එක්ව ගොඩ නගා තිබුණු සම්බන්ධතාවය ලකුණු 119කි. එම සම්බන්ධතාවය අයර්ලන්ත කාන්තා විස්සයි 20 ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් අතර ඇති වුන වැඩිම ලකුණු සම්බන්ධතාවය විය. මින් පෙර කිම් ගර්ත් සහ ගෙබී ලෙවිස් අතර ගොඩනැගී වාර්තා පොත් අතරට එක් වී තිබුණු වැඩිම ලකුණු සංඛායව වන ලකුණු 113ක වාර්තාව ඊයේ බිඳ වැටිනි.

අයර්ලන්ත ඉනිමේ අවසන් පන්දුවේ අවසන් කඩුල්ල තුන්වන කඩුල්ල ලෙස ගෙබී ලෙවිස් දුවද්දී දැවී යනවිට අයර්ලන්ත කණ්ඩායම ලකුණු 173ක් ලබා ගෙන තිබුණේ කඩුළු 03ක් පමණක් දැවී යමිනි.

ඊයේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට ස්වර්ණමය දවසකි. කිසිම එල්ලයක් ඉලක්කයක් සහ ආක්‍රමණශීලී රටාවක් නැති ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉදිරියේ අයර්ලන්තය විශිෂ්ට වික්‍රමයක් පෑවේය. ඒ වාර්තා පිට වාර්තා තබමිනි.

අයර්ලන්තය වෙනුවෙන් ඉනිමක දී හතරේ සහ හයේ පහරවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකාරිණිය ලෙස ගෙබී ලෙවිස් වාර්තා අතරට එක් වූවාය. ඇය තමන් විසින්ම තැබූ වාර්තාව බිඳ දැම්මාය. මින් පෙර හතරේ හයේ පහරවලින් අයර්ලන්ත ක්‍රීඩිකාවක් ඉනිමකදී එක් කරගෙන තිබුණු ලකුණු 62ක වාර්තාව තිබුණේත් ඇයටය. එම වාර්තාව බිඳ හෙලිනි. ඇය හතරේ හයේ පහර වලින් ලකුණු 80ක් රැස් කළාය.

අයර්ලන්ත සහ ශ්‍රී ලංකා විස්සයි 20 ඉතිහාසයේ කණ්ඩායම්වල ඒකාබද්ධ වැඩිම ලකුණු සංඛ්‍යාව ඊයේ වාර්තා විය. කණ්ඩායම් දෙකේම ලකුණු එකතුව 339කි.

අයර්ලන්ත ඉනිමේ අවසන් පන්දුවේ අවසන් කඩුල්ල තුන්වන කඩුල්ල ලෙස ගෙබී ලෙවිස් දුවද්දී දැවී යනවිට අයර්ලන්ත කණ්ඩායම ලකුණු 173ක් ලබා ගෙන තිබුණේ කඩුළු 03ක් පමණක් දැවී යමිනි.

ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 2 ලකුණු 29ක් තුළ බිඳ වැටිනි. ආරම්භක පිතිකාරිණිය විශ්මි ගුණරත්න ලබා ගත්තේ එක් ලකුණකි. මුහුණ දුන්නේ පන්දු දෙකකට පමණි. ආරම්භක පන්දුයවන්නියවන ඕර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් ගේ පන්දුවකට ලෙහ් පෝල් අතට උඩපන්දුවක් ලබා දී ඇය දැවී ගියාය. හසිනි පෙරේරා ලබා ගත්තේ ලකුණු 10කි. ඇය කඩුළු රකින ක්‍රීඩිකා අමි හන්ටර් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියාය.

නමුත් එතැන් සිට ගොඩනැගුනේ ජයග්‍රහණයේ බලාපොරොත්තු දනවන සම්බන්ධයකි. ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය සිහි කැඳවන පිතිකරණයක හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි නිරත වූහ. තුන්වැනි කඩුල්ල බිඳවැටෙන්නේ ලකුණු 101 දී ය. ජේන් මෙගුවර් ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටී දැවී යනවිට හර්ෂිතා විශිෂ්ට ක්‍රීඩාවක නිරත වෙමින් සිටියා ය. ඇය පන්දු 44 කදී ලකුණු 65ක් ලබා තිබිණි. ඊට හතරේ පහර 09ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.

අනතුරුව එක් අන්තයක් ආරක්ෂා කරගෙන කවීෂා දිල්හාරි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට හැකි උපරිම උත්සාහයක් දරනු පෙනුනි. එහෙත් අයරලන්ත පන්දු යවන්නියන්ගේ සබුද්ධික පන්දු යැවීම එම ගමන වළක්වනු ලැබුවේය. නිසි තැනට ආක්‍රමණශීලීව පන්දු යවමින්, පන්දුවේ වේගය අඩාල කරමින් පන්දු පතිත කරමින්, පිතිකාරිණිය මැනවින් කියවාගෙන පන්දුව පාලනය කරමින් ඔවුහු පන්දු යැවූහ.

අවසානයේ දී කවීෂා දිල්හාරි එක් අන්තයක් ආරක්ෂා කරගෙන නොදැවී ලබා ගත් ලකුණු 51 කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

පන්දු ඕවර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුළු 07ක් දැවී ලකුණු 166ක් පමණි. තරගය ලකුණු 07කින් අයර්ලන්ත කණ්ඩාය දිනුම් ය.

පන්දු යැවීමේ දී ෆ්‍රෙයා සාජන්ට් ලකුණු 36ට කඩුළු 02කි. ඕර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් විශිෂ්ට පන්දු යැවීමක ය. ඇය ලකුණු 28කට කඩුළු 02කි. ජේන් මෙගුවර් සහ ආවා කැනින් කඩුල්ල බැගින් ලැබූහ.

තරග අවසානය උණුසුම්ය. තියුණු ය. තව ටිකක් අපේ පන්දු යවන්නියන් උත්සුක වූවානම් මේ තරගයත් අපේ ය. කෙසේ වෙතත් තරගාවලිය දැන් සමය.   එළඹෙන  එක්දින තරගාවලිය  ජයගෙන  ජයග්‍රහණ මානසිකත්වය කළමනාකරණය කරගැනීමේ වගකීම කණ්ඩායමට ඇති බව පමණක් ක්‍රීඩා ලෝලී අපේ විශ්වාසය ය.




Tags: නවතම
Share69Tweet43
Previous Post

නවීන තාක්ෂණය භාවිතයෙන් සිදුකරන පාතාල අපරාධ මඩින්න නව නීති පද්ධතියක් හඳුන්වා දෙනවා… ජනාධිපතිවරයා කියයි!

Next Post

සාගර ඇවිත් නාමල්ට ඇප තැන්පත් කරයි!

Related Posts

ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.