මූල්‍ය වංචාවකට සම්බන්ධ නයිජීරියානු ජාතිකයින් ඇතුළු පිරිසක් සමඟ අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ 75 ක මුදලක් නැවත ජාවාරම්කරුවන්ටම ලබා දීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ.
එම විමර්ශනය සිදුකරනුයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරගේ උපදෙසින් පරීක්ෂණය ආරම්භ වී තිබේ.
පෑලියගොඩ පොලීසිය විසින් අල්ලාගත් එම මුදල් සහ වංචාකරුවන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.
අදාළ මුදල් තිබී ඇත්තේ අධිකරණය භාරයේය.
ඒ එක් වංචාකරුවෙක් මෙරට වැසියෙකි.
ඔහුට එම මුදල් මුදා හැරීමට කටයුතු කරන ලෙස අදාල අධ්‍යක්ෂකවරයා බලපෑම් කළ බව විමර්ශනයේදී හෙළිවී ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය.
ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරියා විසින් සටහන් තබා ඇති බවත් ළඟදීම විමර්ශන ගොනුව අමාත්‍යවරයාට යොමු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවත් ආරංචි මාර්ග අනාවරණය කළේය.







