fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ද ෆිනෑන්ස් සහ ඊටීඅයි ෆිනෑන්ස් ඇතුළු මූල්‍ය සමාගම් පහක් ඈවර කරයි…

මාස 2ක් ago
in පුවත්
434 4
0
Share on FacebookShare on Twitter

කලක්  මේ රටේ ප්‍රමුඛම මූල්‍ය ආයතන දෙකක්ව පැවති ආයතන දෙකක් ඇතුළු මූල්‍ය සමාගම් පහක් ඈවර කිරීමට  ශ්‍රි ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින් 2021 ඔක්තෝබර් මසදී, එම වකවානුව වන විට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවා හෝ අවලංගු කර තිබුණු ‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී’ සහ ‘ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’ යන අසාර්ථක මූල්‍ය සමාගම් පහේ මූල්‍ය බලපත්‍ර අවලංගු කර මෙසේ  ඈවර කිරීමට තීරණය  කර ඇති බවය.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

මෙම ආයතන පහ සම්බන්ධයෙන්  පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරික්ෂා කිරීම සඳහා අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුවක් (උපදේශන කමිටුව) පිහිටුවන ලදී.

ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් 5 පුනර්ජීවනය කිරීම සඳහා පැවතිය හැකි විකල්ප නිර්දේශ ඉදිරිපත් කිරීමට හෝ එසේ පැවතිය හැකි විකල්ප ශක්‍ය නොවන්නේ නම්, එම අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) ඈවර කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට, මුදල් මණ්ඩලය විසින් මෙම උපදේශන කමිටුව වෙත වගකීම පවරා තිබිණ.

මෙම උපදේශන කමිටුව විසින් ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් අතරින් හතර (4)ක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් යොමු කරන ලද යෝජනා කීපයක් පරික්ෂාකාරීව සලකා බලා සිය කමිටුවේ අවසන් වාර්තාව 2022.05.31 දින, මුදල් මණ්ඩලය වෙත යොමු කරන ලදී.

උපදේශන කමිටුව විසින් ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) සම්බන්ධයෙන් යොමු කළ වාර්තාව සලකා බැලූ මුදල් මණ්ඩලය විසින්, එම උපදේශන කමිටුව වෙත ඉදිරිපත් වී ඇති යෝජනා මඟින් ප්‍රතිපත්තිමය හා නෛතික ගැටළු ඇති කරවන බවත් එම යෝජනා පවතින නෛතික රාමුව තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත් සටහන් කර ඇත.

තවද, පවතින ආර්ථික තත්ත්වය යටතේ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි කිසිඳු යෝජනාවක් අපේක්ෂිත ආයෝජකයන්ගෙන් ඉදිරිපත් නොවනු ඇති බවට උපදේශන කමිටුව විසින් අපේක්ෂා කරනු ලැබේ.

මෙම තත්ත්වයන් යටතේ ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) අතරින්, දැනටමත් ඈවර කිරීම සඳහා ඉල්ලුම් කර ඇති මූල්‍ය සමාගම්හි ඈවර කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ එසේ ඉල්ලුම් කර නොමැති මූල්‍ය සමාගම් ඈවර කිරීම සඳහා ඉල්ලුම් කිරීම, පවතින එකම විකල්පය ලෙස හඳුනාගෙන ඇත.

මේ අනුව, අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) ඈවර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇත.

Join @lankasara on Telegram Channel
Previous Post

තොග ප්‍රකාශ නොකර බලධාරී ජාවාරමුන් කණ්ඩායමක් කළුකඩ හරහා ඉන්ධන සූදුවක…. වෘත්තී්‍ය සමිති චෝදනා කරයි!

Next Post

හිරුණිකා ජනපති මන්දිරය අසලට යෑම වැලැක්වීමට පොලිසිය මුදලිගේ මාවත වසයි…!

Related Posts

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

අගෝස්තු 13, 2022
Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

අගෝස්තු 13, 2022
Commonwelth Games-2022

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !

අගෝස්තු 13, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !
  • චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු
  • පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !
  • WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!
  • ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

ජනප්‍රිය පුවත්

  • රෂ්ඩිට ප්‍රහාරය එල්ල වී ස්වල්ප වේලාවකින් පසු...

    ලෝ ප්‍රකට ලේඛක සල්මාන් රෂ්ඩිට නිව්යොර්ක් නුවරදී දෙනෝදාහක් මැද මාරක ප්‍රහාරයක්!

    238 shares
    Share 95 Tweet 60
  • අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයේ නිවාස අඩස්සියේ….

    216 shares
    Share 86 Tweet 54
  • ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලයේ හිමිකරු සතුව තිබූ ගිනි අවි 04ක්  මැයි 09 සිදුවීම දා අතුරුදහන් වෙලා…

    172 shares
    Share 69 Tweet 43
  • නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

    172 shares
    Share 69 Tweet 43
  • “සල්මාන් රෂ්ඩි ට අමාරුයි – ඉන්නේ ශ්වසන ආධාරක පිහිටෙන් “ – නියෝජිතයා කියයි

    173 shares
    Share 69 Tweet 43

Highlights

WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම යළි ඉවතට !

නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

සඳුදා දින සිට රජයේ සියලුම පාසල් දින 05ම විවෘතයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

by Lanka Sara Editor
අගෝස්තු 13, 2022
0

යුවාන් වෑන් 5 චීන අභ්‍යවකාශ නිරීක්ෂණ...

Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

by Lankasara News
අගෝස්තු 13, 2022
0

චීනය සිය ගෝලීය බල ව්‍යාප්තිය තහවුරුකර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist