දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරිමේ යෝජනාවට අදාලව සිදුකළ ඡන්ද විමසීමේ දී දී යෝජනාවට වැඩි ඡන්ද 177කින් සම්මත වූයේය. ලංකා ඉතිහාසය තුළ පොලිස්පතිවරයෙක් පාර්ලිමේන්තු යෝජනාවක් මගින් ධූරයෙන් නෙරපා දැමූ පළමු අවස්ථාව මෙයය.
විශේෂත්වය වන්නේ ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු ගර්භය තුළ රැඳී සිටි කිසිවෙක් යෝජනාවට විපක්ෂව ඡන්දය නොදීමය. එක් මන්ත්‍රීවරයෙක් පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
ඒ අනුව 2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් එනම්. නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතරයක ඡන්දයෙන් යෝනාව සම්මත වූයේය.







