චෙම්මනි මිනී වලේ මිනී ඇටකටුවල අඩකටත් වඩා වගකිව යුතු මිනීමරු ජාතිවාදී කල්ලි සමග එක් වී යාපනය නගර සභාවේ බලය පිහිටවූ අන්ත ජාතිවාදීන් ස්වකීය දේශපාලන පැවැත්ම වෙනුවෙන් සිද්ධි සොයමින් යන බවත්, චෙම්මනි මිනී වළේ පරීක්ෂණ මේ තරම් විධිමත් සහ ස්වාධීනවත් පුළුල් ලෙසත් මෙහෙයවන්නේ ජාතිවාදීන් නොව මේ ජනතාවාදී ආණ්ඩුව බවත් සභානායක බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු මේ බව කීවේ සමස්ථ ලංකා ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් චේම්මනි මිනී වළ සම්බන්ධව මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“චෙම්මිනි මිනී වලේ පරික්ෂණය කරන්නේ ආණ්ඩුව. අද උතුරේ ඒ අපරාධවලට සම්බන්ධ කල්ලි එක්ක එතුවෙලා යාපනේ නගර සභාවේ බලය පිහිටුවා මේ මිනිස්සු. මේ ඇටකටුවලින් භාගයකට වග කියන්න ඕන ඔවුන්. අමතක කරන්න එපා… උතුර පළාතේ වැඩිම ඡන්ද අරන් තියෙන්නේ අපිට. ( ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පෙන්වමින් ) මෙයාට අවශ්‍ය සිද්ධියක්. ”
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ලංකාවේ සංචාරය කරලා ඉවර වෙලා යද්දි අපි ඉල්ලුවේ මොකක් ද?. ලංකාවේ කාබන් ඩේටින් වලට කල් යනවා. අපට ඒ පහසුකම් තියන ලැබ් එකක් දෙන්න කියලා.”
” චෙම්මනි විතරක් නෙමෙයි. මාතලේ තියනවා මිනීවලක්… මන්නාරම සතොස යට මිනීවලක් තියනවා කවුරුත් කතා කරන්නේ නෑ… තිරුකේතීශ්වරන් මිනී වළක් තියනවා… මණ්ඩතිව්වල මිනීවළක් තියනවා… කොක්කුතුඩුවායිවල මිනී වළක් තියනවා…”
“ඒ හැම මිනීවළකටම මම ගිහින් තියනවා. ඒ නිසා මම කියන්නම්. මේ ගොල්ලන්ට තියන ලොකුම ප්‍රශ්නය තමයි අපි වගේ ජාතික සමගියක් තියන ආණ්ඩුවක් ආපු එක. මේ ගොල්ල අනාථ වෙලා තියෙන්නේ.
“ජාතිවාදය ගැන දෙදරුම් කකා කිව්වට වැඩක් නෑ… ඒක කවුරුත් ගණන් ගන්නෙ නෑ, ඒ නිසා අන්ත ජාතිවාදීන්ගෙන් මම අහන්න කැමතියි… මිරුසුවිල්වල මැරුවා දරුවො ළිඳේ දාලා මැරුවා. ඒ මරපු කට්ටිය එක්ක කොහොමද ඔබ එකට එකතු වෙලා යාපනයේ නගර සභාවේ බලය පිහිටුවන්නේ කියලා.
කරුණාකරලා කියන්න තියෙන්නේ ඒ ඉතිහාසය ඉවරයි.







