බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද සිතාසි ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද මෙම රිට් පෙත්සම සලකා බලා අවසන් වන තෙක් ඔහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවේ ඉචදිරි කටයුතු වළකන ලෙසද අභියාචනාධිකරණය සිය අතුරු තහනම මඟින් තවදුරටත් නියෝග කර ඇත.
පසුගිය ජූලි 09 දා ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගෙන පොලිසිය වෙත භාර දුන් රුපිලයල් මිලියන 17.8ක මුදලකට අදාළව සාපරාධී විශ්වාසය කඩ කිරීමට ආධාර අනුබල දුන් බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් පෙබරවාරි 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි 26 වැනිදා දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි නිකුත් කර තිබිණි.
තමාට එරෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ සිතාසි නිකුත් කිරීම අභියෝගයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය







