මනම්පිටිය නිමල් ජයරත්න –
පාර්ලිමේන්තුව නියෝජනය කරන පොලොන්නරුව දිස්ත්රික් මන්ත්රී වරුන්ගේ රුව මල් වඩම් වලට ඇතුළත් පොලොන්නරුව දීප උයන ඉදිරිපිට තබා යන්නට ප්රදේශවාසීන් පිරිසක් විසින් කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරුන් පස් දෙනෙකු පොලොන්නරුවේ වෙති.
හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන, රොෂාන් රණසිංහ, අමරකීර්ති අතුකෝරල, සිරිපාල ගම්ලත්, කින්ස් නෙල්සන් එම මන්ත්රීවරුන්ය. මෛත්රීපාල සිරිසේනගේ මල්වඩම අසලින්ම රොෂාන් රණසිංහගේ මල්වඩම තැන්පත් කර ඇති ප්රදේශවාසීන් සංකේවත් කර ඇත්තේ මේ සියලුම දේශපාලකයින්ගේ දේශපාලන ජීවිතයේ මළගම සිදු වී ඇති බවය.







