ශ්‍රි ලංකා කම්කරු කොංග්‍රසය සමගි ජනබලවේගය විසින් රජයට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවේදී රජයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කර ඇති බව කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන් මහතා පවසයි.
ටිවිටර් පනිවිඩයක් හරහා මේ බව ප්‍රකාශ කර ඇති තොණ්ඩමන් පවසන්නේ සිය පක්ෂ නායකයන් සමඟ දීර්ඝ වශයෙන් සාකචඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
තොණ්ඩමන් ප්‍රමුඛ ලංකා කම්කරු කොංග්‍රස් ජ්‍යෙෂ්ඨයන් ඊයේ හැටන් කොටගල පිහිටි සිය පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පක්ෂ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මින් පෙර නව කැබිනට් මණ්ඩලයේ ක්‍රීඩා ඇමතිකම භාරගන්නැයි නාමල් රාජපක්ෂ විසින් ජීවන් තොන්ඩමන්ට ආරාධනා කර තිබිණි.







