කොළඹ – දිලංගා ගෝමස් –
දෙහිවල සත්වෝද්‍යානයේ සිටින අප්‍රිකානු ජිරාෆ් (ගැහැණු) සත්වයින් දෙදෙනාගෙන් එක් ජිරාෆ් සත්වයකුගේ ඉදිරි පාදයක ඇතිව තිබූ කුර රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) සැක කටයුතු ලෙස මිය ගොස් ඇත.
ශ්‍රී ලංකා පොදු ජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමයේ දෙහිවල සේවකයින් චෝදනා කරන්නේ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද එන්නත් කිරිමක් වැරදීමෙන් මෙම සත්වයා මිය ගිය බවටය.
මිය ගිය මෙම ගැහැණු සත්ත්වයා අප්‍රිකානු ජිරාෆ් යුවලකට දාව වර්ෂ 19993 දී ශ්‍රී ලංකාවේ ඉපදී හැදී වැඩුනු සතෙකි. මේ ජිරාෆ් දේනුව මිය යනවිට 30 වයස්හි පසුවූවාය.







