යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳයේ ස්වාමීන්වහන්සේලා පිරිසක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයින් පිරිසක් ඊයේ (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එහිදී ප්‍රජා සුභසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ප්‍රවර්ධනය කරමින් උගත් පාඩම් හරහා වගවීමේ වැදගත්කම අවධාරණය කරනු ලබන “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද බව ද එම නිවේදනයේ දැක්වේ.







