සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දූෂණ විරෝධී බෙල්ලන ගේ රැකියාව අහිමි කිරීම අසාධාරණයි… සජිත් පාර්ලිමේන්තුවේදී කියයි…

by editor
දෙසැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රුක්ෂාන් බෙල්ලන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති දූෂණ වංචා හෙළි දරවු කරන නිලධාරියෙක් බවත්, ඔන්ඩෙස්ට්‍රෝන් නැමිති ඖෂධය භාවිතයෙන් දෙදෙනෙක් මිය ගොස් සිටිය දී ඒ සම්බන්ධව ක්‍රියාත්මක නොවන ආණ්ඩුව දූෂණ විරෝධී රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස කීවේ මෙවැනි කතාවකි.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියන දූෂණ වංචා හෙළි දරව් කරන වෛද්‍ය බෙල්ලන මැතිතුමාව මාධ්‍යයට කතා කළා කියලා එයාගෙ රැකියාව අහිමි කරලා තියනවා. එහෙම වෙන්නෙ බෑ නේ.”

“එතුමාගේ රැකියාව අහිමි කරලා තියෙන්නේ මාධ්‍යයට කතා කලා කියලා. එතුමාට අයිතියක් නැද්ද බාල බෙහෙත් ගැන කතා කරන්න. එතුමාට අයිතියක් නැද්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියන දූෂණ වංචා ගැන කතා කරන්න. එයාගේ වැඩ තහනම් කරලා. ”
ප්‍රශ්නයට අදාලව කතා කරන ලෙස මේ අවස්ථාවේ දී කතානායකවරයා සජිත් ප්‍රේමදාසට දන්වා සිටියේය. ඔහු පුන පුනා කීවේ තමන් කතා කරන්නේ ප්‍රශ්නයට අදාලව බවය. කෙසේ වෙතත් ඔහු නැගී සිටියේ අගමැතිවරිය විසින් ප්‍රකාශ කළ නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ යෝජනාවට අදාලව කරුණු දැක්වීම සඳහාය.

“මම මේ කතා කරනනේ මූලික අයිතිවාසිකම් ගැන. ප්‍රශ්නයට අදාලව. ජීවත්වීමේ මුලික අයිතියක්. ඔන්ඩන්ස්ට්‍රොන් කියන බාල ඖෂධය දීලා දෙදෙනෙකුගේ ජීවිත නැති වෙලා තියනවා. කාගෙද වැඩ තහනම් වෙලා තියෙන්නේ.”

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

“නමුත් බෙල්ලන මහත්මයා මාධ්‍යයට කතා කළා කියලා වැඩ තහනම් කරලා තියනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියන දූෂණ හා වංචා ගැන කතා කරලා කියලා එයාව ගෙදර යවලා තියනවා. මොකක්ද මේ සාධාරණත්වය.”

සජිත් ප්‍රේමදාස විමසා සිටියේ ජීවිතක්ෂයට පත් වූ කාන්තාවන් දෙදෙනාගේ ජීවිත සම්බන්ධව වගකීම පසෙක දමා බෙල්ලනගේ රැකියාව අහිමි කිරීම සාධාරණද කියාය

එහිදී අගමැතිවරිය පැවසුවේ සිද්ධිය සම්බන්ධ රජය කණගාටුවන බවත් ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ වී ඇති බවත්ය.

“ඒ මරණ දෙක සිදුවිය යුතු දෙයක් නොවෙයි. අපි එය පිළිගන්නවා. මේ පිළිබඳව විමර්ශනයක් කරලා පියවර ගන්නවා. එවැනි සිද්ධීන් එසේ නොවීමටත් කටයුතු කරනවා. විමර්ශනයක් මේ ගැන යනවා. විමර්ශනයේ කරුණු තහවුරු වෙනකම් කරුණු ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටිනවා. අග්‍රාමාත්‍යවරිය කීවාය. ඇය තවදුරටත් කීවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධව පුලුල්ව කටයුතු කිරීම සඳහා විපක්ෂ නායකවරයාගේ සහාය ලැබීම පිළිබඳව ඉතා සතුටුවන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්….

Next Post

ගංජා හේන් වැවූ බවට චෝදනා ලද NPP මන්ත්‍රී බොරු කී අයට එරෙහිව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.