ශ්‍රියානි විජේසිංහ
දිවයින පුරා පිහිටි විශේෂඥ වෛද්‍ය ඒකක 98ක සංඛ්‍යාවක් ඉදිරි මාසය තුළදී අඩපණවීමට නියමිත බවත් මින් රෝහල් 65ක සේවා මේ වන විටත් සීමා කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.
මේ වන විටත් පර්යන්ත රෝහල් සහ මධ්‍යම බෙහෙත්ශාලා 20ට වැඩි සංඛ්යෙවක් වැසී ගොස් ඇති බවත් එම රෝහල්වලින් ප්‍රතිකාර ගත් රෝගීන් දහස් ගණනක් දුරකතර ගෙවා වෙනත් මහ රෝහල් හෝ දිස්ත්‍රික් රෝහල්වෙත පැමිණීමට සිදුව ඇති බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වාදේ.
තවද ස්ථීර වෛද්‍යවරයෙක් නොමැතිව යාබද රෝහල්වෙතින් වෛද්‍යවරයෙකු පැය කීපයකට කැදවා රෝගී සත්කාර සේවාවන් සිදුකරමින් පවත්වාගෙන යන රෝහල් සංඛ්‍යාව 50කට වැඩි බවත් වෛද්‍ය හරිත කියයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබා ගත් තොරතුරු අනුව මෙම රෝහල් සොයා ගත් නමුත් තව දුරටත් වැසිී යන රෝහල් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවද ලේකම්වරයා සදහන් කරයි.
වෛද්‍යවරුන්ගේ ගැටලුවලට බලධාරින් ඉක්මන් විසදුම් ලබා දීමට අපොහොසත් වන්නේ නම් දැනට විදේශගතවිම සිටින වෛද්‍යවරුන් 5000ක පිරිස යම් හේතුවකින් විදේශ ගත වුවහොත් ඉතිරි රෝහල් ද වැසී යාම නතර කළ නොහැකි යැයි වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.