බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිල්ලියේ පොළොව හෙල්ලී කියා පෑ පෙරළිය… එංගලන්තය ලකුණු 69කින් ඇෆ්ගනිස්ථානයට පරාදයි…..

by editor
ඔක්තෝබර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අද (15) සවස 4.08ට දිල්ලිය සෙලවුනේය. ඒ එංගලන්ත ඇෆ්ගනිස්ථාන තරගය අතරදීය. රිච්ටර් මාපකයේ 3.1ක කම්පනයක් වාර්තා වී තිබිණි.

ඒ සෙලවීමට වඩා ගැඹුරු සෙලවීමක් මේ වනවිට ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ අද සිදු වි තිබේ.   ලෝක කුසලාන තරගාවලියේ පළමු වර්ණවත් පෙරළිය සිදුවී ඇතැයි සිතමි. ඇෆ්ගනිස්ථානය හමුවේ ප්‍රබල එංගලන් කණ්ඩායම ලකුණු 69කින් පරාජය වී තිබේ.

තරග ආරම්භයට පෙර තරග ජයග්‍රහණය කරනු ඇතැයි පුරෝකථනය කරන්නේ එංගලන්ත කණ්ඩායමය. එහි කිසිම දෙගිඩියාවක් නොතිබිණි. වත්මන් ලෝක ශූරයින් එංගලන්තය ය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක මින් පෙර ජයග්‍රහණය කර තිබුණේ එක් තරගයක් පමණි. ඒත් ස්කොට්ලන්තයට එරෙහිවය. ඒ වර්ෂ 2015 දී ය. එහෙත් ලෝක ශූරයින්ට අදහාගත නොහැකි ප්‍රහාරයක් එල්ල කරමින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 69ක දැවැන්ත ජයග්‍රහණයක් අත් කරගත්තේය.  එය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය ලකුණක් ලෙස ලියැවී තැබෙන ජයග්‍රහණයකි.

එංගලන්ත කණ්ඩායමට මෑතක දී අත්විඳීමට සිදුවුන බිහිසුණුම පරාජය මෙය බව විශ්වාස කරන්නේ ඔවුන්  මෙවර ලෝක ශූරයන් වීමේ වැඩිසම්භාවිතාවක් සහිත කණ්ඩායම් 04 අතර සිටින බැවිනි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

වර්ෂ 2011 ලෝක කුසලාන තරගාවලියේ දී අයර්ලන්තයෙන් එල්ලවුන ප්‍රහාරයත්, වර්ෂ 2015 දී බංගලාදේශය හමුවේ පරාජය වී තරගාවලියෙන් ඉවතට විසිවීමත් සිදුවීමෙන් අනතුරුව එංගලන්තයට අතීත බිහිසුණු මතක සිහිගන්වන තරගය මෙය වූ බව විශ්වාස කරමි.

මෙවර තරගාවලියේ දී බංගලාදේශය  සහ ඉන්දියාව අභිමුව අමිහිරි පරාජය ලැබ තරග 14ක පරාජය මාලාවක් අවසන් කරමින් ඔවුන් සිය ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය අත් පත් කරගැනීම අතිශය  මනරම් අත්දැකීමක් වූයේය.

තරගයේ කාසියේ වාසිය දිනුවේ එංගලන්ත කන්ඩායමය. දිල්ලියේ අරුන් ජෙයිට්ලි  ක්‍රීඩාංගනය තණ තීරුවේ එංගලන්තය පන්දු රැකීම තේරුවේය.

ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකාර යුවල ඉතා කදිම ආරම්භයක් ලබා ගත්තේය. ආරම්භක සම්බන්ධතාවය ලකුණු 114කි. ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් හතරේ පහර 08ක් සහ හයේ පහර 04ක් සහිතව පන්දු 57ක දී ලකුණු 80ක් ලැබුවේය. ඊබ්‍රහීම් සර්ධාන් පිටියේ රැඳෙමින් ලකුණු 28ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 03ක් සමගිනි.

රහ්මනුල්ලා ගුර්බාස්…

මුල් කඩුල්ල ලෙස ඊබ්‍රහීම් සර්ධාන් ලකුණු 28කටත් ඒ සමගම දෙවැනි කඩුල්ල ලෙස  රහ්මට් ෂා ලකුණු 03කටත් දැවී ගියේය. විශිෂ්ට පිතිකරණයක නිරත වූ රහ්මනුල්ලා ගුර්බාස් දුවද්දී දැවී යෑමකට හසු විය. වේගයෙන් එකා පිට එකා වැටෙමින් යන ඇෆ්ගන් ඉනිම යළිත් ශක්තිමත් කළේ පසුපෙළ පිතිකරුවන් විසිනි.

බිඳ වැටෙන බර දරාගෙන කඩුළු රකින ක්‍රීඩක ඉක්‍රම් අලිඛිල් පන්දු 66ක් තුළ ලකුණු 58ක් ලැබුවේය. ඒ විනාඩි 92ක් කඩුල්ලේ රැඳෙමිනි. ඔහු දැවී යන්නේ ඉනිමේ 8වන කඩුල්ල ලෙසය. 46වැනි ඕවරයේ අවසන් පන්දුවේ දී ය. 4 පහර 3ක් සහ හයේ පහර 2ක් පමණක් එල්ල කළ ඔහු ලකුණු ලබා ගත්තේ කඩුළු අතර වේගයෙන් දිවව යමිනි.

රශීඩ් ඛාන් ලකුණු 23ක්,  මුජිබර් රහ්මාන් ලකුණු 28ක් පසුපෙළ සිට කණ්ඩායමට එක් කළහ. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 284ක් තුළ සියල්ලෝ දැවී ගියහ. ඒ පන්දු ඕවර 49.5ක් තුළය. එනම් ඉනිමේ  එක් පන්දුවක් ඉතිරිව තිබිය දීය.

එංගලන්තය වෙනුවෙන් අඩිල් රෂීඩ් ලකුණු 42ට කඩුළු 03ක්, මාර්ක්වුඩ් ලකුණු 50ට කඩුළු 02ක්, රිස් ටොප්ලේ, ලිආම් ලිවින්ග්සටන්, රෝ රූට් කඩුල්ල බැගින් ලැබූහ.

ඉන්දියාවේ තණතීරුවල ලකුණු 284 එංගලන්තය වැනි කණ්ඩායමකට හඹා යා හැකි ඉලක්කයක් බව ඉනිම ආරම්භයේ දී විචාරකයන් පුරෝකථනය කර තිබිණි.

නමුත් ඒ සියලුම උපකල්පන ඇෆ්ගනිස්ථානය විසින් කුඩු කර දැම්මේය. ආරම්භක පිතිකරු ජොනි බයිස්ටෝ ලකුණු 02කි.ජෝ රූට් ලකුණු 11කි. නායක ජොස් බට්ලර් ලකුණු 09කි. ලිඅම් ලිවින්ග්ස්ටන් ලකුණු 10කි. සෑම් කරන් ලකුණු 10කි. ක්‍රිස් වෝකර්ස් ලකුණු 09කි.  එංගලන්තය අන්ත අසරණ වුනේය.

ඉනිම සුන් වනවිට ලකුණු 32ක් සහිතව ඩේවඩ් මාලන් ද, ලකුණු 66ක් සහිතව හැරී බෲක් ද ගෞරවනීය පරාජයක් දක්වා හෝ තරගය ඔසවා තබන්නට උත්සාහ කළ අයුරු පෙනුණි.  හැරී බෲක් තරගය අවසන් අදියර එනතුරු මිනිත්තු 123ක් පිටියේ රැඳී සිටිමින් දැවී යන්නේ 8වන කඩුල්ල ලෙසය.

විලිලජ්ජා සහගත ලෙස පන්දු ඕවර 40.3ක් තුළ එංගලන්ත කණ්ඩායම ලකුණු 215කට දැවී ගියේය.

ඇෆ්ගනුවන්ගේ  ඒ පන්දු යැවීම ගැන වෙනම කෑල්ලක් ලියා තැබිය යුතුය. අපට  ඉන්නේ  348ක ලකුණක් ලබා ගත් පසුත් තරගයක් බේරා දෙන්නට බැරි පන්දු වක්කරන්නය. දැන් ඉන් එක් අයෙක්වන මතීෂ පතිරණ සමග නායක දසුන් ශානකත් ආබාධයට ලක් වී සීන් එකෙන් එළියේය. ඔවුන් මේ ඇෆ්ගන් කණ්ඩායම මෙන්ම පකිස්ථානුවන්ගේ, ඉන්දියානුවන්ගේ පමණක් නොව, බංගලියන්ගේ ද  ජවය මෙන්ම ශාරීරික යෝග්‍යතාවය අධ්‍යයනය කළ යුතුව ඇතැයි සිතමි. අපි ඇවිත් තිබෙන්නේ ඕමි ගහන්නට දැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානකගෙන්  අප මින් පෙර විමසා සිටියේ  ශ්‍රී ලංකා කණ්ඩායම ආණ්ඩුවේ ඉස්පිරිතාලයක ඕපීඩි එකක් ලෙස පෙනෙන නිසාය.

ඇෆ්ගනිස්ථාන පන්දු යැවීම විශ්මය ජනක විය. මුජීබ් උර් රහ්මාන් ලකුණු 51 ලබා දී කඩුළු 03ක් බිඳ දැමුවේය. රෂීඩ් ඛාන් විශිෂ්ඨය. ඔහු ලකුණු 32කට කඩුළු 03ක් ලැබුවේය.

මොහොමඩ්  නබී පන්දු ඕවර 06ක් යවා ලකුණු 16ක් පමණක් දි කඩුළු 02ක් දවා ගත්තේය. ෆසාලික් ෆාරුකී, නවීන් උල් හක් කඩුල්ල බැගින් ලැබූහ.

පන්දු 16ක් තුළ ලකුණු 28ක් රැස් කර ලකුණු 50කට කඩුළු 03ක් දවා ගත් මුජීබ් උර් රහ්මාන්  මේ ඓතිහාසික තරගයේ වීරයා විය.

හෙට අප ඔස්ට්‍රේලියාව  සමග තරග වදින්නේය. මුහුණ දුන් තරග දෙකෙන්ම ලෝකවාර්තා තබා පරාජය වුන අපට හමුවී ඇත්තේ ඉන්දියාවෙන් රිදෙන්නට ගුටි කෑ නමුත් ලෝක කුසලානය දිනා ගැනීමේ සම්භාවිතාවක් සහිත කණ්ඩායමකි.  ටොස්ට් එක දැමීම පමණක් සිය වගකීම කරගෙන කණ්ඩායමේ මගියෙක් වූ නායක දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස්ට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබේ. දැන් අපට අවශ්‍ය ඇෆ්ගනිස්ථානය කළ  පෙරළියට සමාන පෙරළියකි. ඒ පෙරළිය සිදුකිරීමට ශක්තිය හිඟ බව දැන දැනත් අපි එය ප්‍රාර්ථනා කරමින් සිටිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල ගැටුම නොවැම්බර් 20 දා අධිකරණයේ දී දිගහැරේ…

Next Post

පොලිස් වෙඩි පහරින් තවත් සැකකරුවෙක් ඝාතනය වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.