සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියවන්නාවට කෝඩුකාර දෙදෙනක් දිස්ත්‍රික් මනාප ලයිස්තුවල ඉහළින්ම

by Lanka Sara Editor
අගෝස්තු 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර මහා මැතිවරණ මනාප ලයිස්තුවල දිස්ත්‍රික් මට්ටමින් මුලටම පැමිණි කෝඩුකාරයන් දෙදෙනා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණෙන් වැඩිම මනාප හිමි කරගත් ආචාර්ය නාලක ගොඩහේවා සහ මාතර දිස්ත්‍රිත්තයේ වැඩිම මනාප හිමි කර ගත් නිපුණ රණවකයි.

ආචාර්ය නාලක ගොඩහේවා මොරටුව විශ්ව විද්‍යාලයයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව උපාධි ලත් ඉංජිනේරුවකු වන ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාදි ලද්දෙකි.

ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රෙය් මුල් පුටු කිහිපයක්ම දැරු චරිතයකි. කලක් යුනිලීවර්ස් සහ එම්.ඒඑස් හෝල්ඩිංග්ස් ආයතවල සේවය කළ ඔහු පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කළේ එවකට විෂය භාර අමාත්‍යවරයා ව කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

එයින් පසුව ඔහු ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. 2015 බලයට පත් යහපාලන රජය විසින් නගන ලද චෝදනා කිහිපයක් මත රක්ෂිත බන්ධනාගාර ගත වන්නට ද සිදු වූ අතර වියත් මඟ සංවිධානය බිහි කිරීමේ පුරෝගාමි මෙහෙයක් ඔහු විසින් සිදු කරන ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගෝඨාභ රාජපක්ෂ මහතා නායකත්වයට පත් කිරීම සඳහා විශේෂයෙන් විවිධ වෘත්තීයවේදීන් සංවිධානය කරවීමේ කාර්යයේ විශේෂ මෙහෙයක් කළ ආචාර්ය ගොඩහේවා වියත්මඟ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරසමුණේ ඡන්ද සටනට පිවිසි අතර බොහෝ අය වැඩිම මනාප ලාභියා ලෙස බලාපොරොත්තු තබා සිටි, 2015 සිට මහින්ද රාජපක්ෂ මහතාට ශක්තියක් වෙමින් සිටින රණතුංග පවුලේ ප්‍රසන්න රණතුංග දෙවන තැනට ඇද දමමින් මනාප 325479ක් ලබා ගෙන ඔහු මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ මුල් තැනට පිවිසියේය.

මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හිමි කරගත්තේ පොදුජන පෙරමුණෙන් තරග කළ නිපුණ රණවකයි. ඔහු මනාප 131,000 ලබා ගත් අතර මාතර වැඩිම මනාප ලැබීමේ ලකුණු පෙන්නුම් කළ ඩලස් අලහප්පෙරුම සහ කංචන විජේසේකර අභිභවා මනාප ලබාගැනීමට සමත් විය.

මහින්ද රාජපක්ෂ පවුලේ සහෝදරියක වන අභාවප්‍රාප්ත ගාන්ධිනී රාජපක්ෂ මහත්මියගේ පුත්‍රයා වන ඔහු දෙනියායේ පදංචිකරුවෙකි. ඉඩම් හිමි වැවිලිකරුවකුගේ පුතකු වන ඔහු රාජපක්ෂ පවුලෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පස්වැන්නා මෙන්ම ලාබාලතම චරිතය වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිගාමඩුල්ලෙන් මැති-ඇමතිවරු 5 ක් විසිවෙති

Next Post

අලුත් ආණ්ඩුවේ රාජපක්ෂ පවුලේ හයදෙනෙක්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.