සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන්වත් රටට අවංකව ආදරය කරන පුද්ගලයෙක් රටේ පාලනයට අවශ්‍යයයි… මල්වතු නා හිමියෝ පවසති!

දූෂණයට එරෙහිව සටන් කරන සිවිල් ක්‍රියාකාරීන්ට මහා නා හිමිගේ ආශිර්වාදය....

by editor
ජනවාරි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රටට, ජාතියට, ජනතාවට අවංකවම ආදරය කරන පුද්ගලයෙක් රටේ පාලනයට අවශ්‍ය බව රටේ ජනතාවගේ මූලික ඉල්ලීමක් වී ඇති බවත්, පොරොන්දු දී පොරොන්දු කඩකරන මේ බහුතර දේශපාලකයින්ගෙන් එවැන්නෙක් සොයා ගැනීම අසීරු බවත්   මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය  තිබ්බටුවාවේ  සුමංගල නා හිමියෝ පවසති.      

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්  පිරිසක් 28 දින මල්වතු විහාරයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ නාහිමියෝ ඉහත අදහස් පළ කළහ.

මෙම සිවිල් ක්රියාකාරීන් පිරිස  මල්වතු නාහිමි හමුවේ අවධාරණය කළේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සිවිල් ක්‍රියාකාරීන් මර්ධනය හා දඩයම් කිරීම සඳහා මේ වන විට රජය  විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වන බැවින් මෙම තත්ත්වය අවම කරගැනීම සඳහා මහා නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ මැදිහත්වීම අවශ්‍ය බවය.

ඔවුන් පැවසුවේ දූෂණයට විරෝධය පලකිරීම හේතුවෙන් තමන්ගේ ජීවිතවලට ද තර්ජන එල්ල වී ඇති බවය.

ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනසක් අනිවාර්යයෙන් සිදුවිය යුතු බවත් රටට ,ජාතියට, ජනතාවට ආදරය කරන තැනැත්තෙකු ජනාධිපති විය යුතු බවත් ඔවුහු නාහිමි හමුවේ පැවසූහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී සිවිල් ක්‍රියාකාරීන් හමුවේ අදහස් පල කළ  මල්වතු මහා නාහිමි අවධාරණය කොට සිටියේ මේ වන විට සිවිල් ක්‍රියාකාරීන්  පිරිසක් රටේ වෙනසක් පතා මෙන්ම වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන ආකාරය පිළිබදව තමන් වහන්සේගේද ආශිර්වාදය හිමිවන බවය.

නමුත් ඔවුන් සඳහන් කරන ආකාරයෙන්  රටට ජනතාවට අවංකවම හිතැති දේශපාලඥයන් හෝ පුද්ගලයන් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවත්, මේ බහුතරයක් දේශපාලනඥයන් බලයට පැමිණිමට පෙර පැවසූදේ  බලයට පැමිණි පසු අමතක කරන බවත් රටට ආදරය කරන කෙනෙක් රටේ පාලනයට අවශ්‍ය බව රටේ ජනතාවගේ මූලික ඉල්ලීමක් වී ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

මෙහිදී සිවිල් ක්‍රියාකාරීන්  නාහිමි හමුවේ සඳහන් කළේ එවැනි පුද්ගලයකු ජනපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සැලසුම් සහගතව වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෝමාලි කොල්ලකරුවන්  පැහැරගත් යාත්‍රාව පිළිබඳ තවම තොරතුරක් නෑ… “ ලොරෙන්සෝ පුතා 4” කතා කරන තුරු රට සීරුවෙන්….

Next Post

ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල රුපියල් 1000කින්  ඉහළට!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.