දැනට ක්‍රියාත්මකව පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අද (15) සිට තවත සති දෙකක තුළද ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
ඉදිරි සති දෙකින් පසුව රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ අඩු වැඩිවිම සලකා බලා මාර්ගෝපදේශයන් වෙනස් කිරීමට කටයුතු කරනු ඇති බවද විශේෂඥවරයා පැවසීය.
මාර්ගෝපදේශන් ලිහිල් කිරිම නම් ජනතාව බූස්ටර් එන්නත ලබාගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතය කටයුතු කිරිම ඉතාමත් වැදගත් යැයිද වෛද්‍ය හේමන්ත අවදාරණය කළේය.







