ඉල්ලුමට සරිලන පරිදි ප්‍රමාණවත් විදුලි ජනනය සහතික කර ඇති බැවින් පෙබරවාරි 14 (සඳුදා) දක්වා විදුලිය විසන්ධි කිරීමක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
කෙසේවෙතත් විදුලි කප්පාදුවක් නොකොට පවත්වාගෙන යාම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කර සහය දෙන ලෙස එහි සභාපති ජනක රත්නායක මහතා විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.







