නීති විරෝධී ලෙස විදුලිය ලබා ගත් බවට තහවුරු වූ පසු මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් පියා අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසිය හා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මරා දමන බව සභාපතිවරයා අද සවස තර්ජනය කළේය.
සිය නිවසට අනවසරයෙන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් සභාපතිවරයාගේ පියා පොලිස් අත්අඩංගුවට ගන්නා ලද්දේ විදුලි බලමණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සමග නිවසට ගොසිනි.
සභාපතිවරයා පොලිසියට මරණ තර්ජනය කරන්නේ ඒ අවස්ථාවේ දීය. මේ ආකාරයෙන් නිවසට විදුලිය ලබා ගැනීම නගරාධිපතිවරයා ලෙස තමන්ගේ වරප්රසාදයක් බවත් නගරාධිපතිවරයෙකුට වරප්රසාද ප්රමාණයක් ඇති බවත් ඔහු කීවේය.
තමන් කරන කටයුතුවලට එරෙහිවන පිරිසකගේ කුමන්ත්රණයක් බවත් ඔහු පැවසීය.