අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සිංහරාජයේ වනස්පති මිනිසා ගැන විද්වතුන් ගේ මියුරු මතක…

by editor
නොවැම්බර් 25, 2021
in සමාජ
මාටින් විජේසිංහ

මාටින් විජේසිංහ

Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ශ්‍රී ලංකාවේ  ප්‍රාණය වන තෙත් කලාපීය වැසි වනාන්තරය ආදරයෙන් රැක බලා ගනිමින්, ජීවිතයෙන් ද වෘත්තියෙන් ද සිංහරාජ වනාන්තරයේ මුරකරු වූ බෙරලිය වහම්පුරගේ මාර්ටින් විජේසිංහ නැතහොත් ලෝකප්‍රකට මාර්ටින් විජේසිංහ එහෙමත් නැත්නම් සිංහරාජයට යන එන සෑම කෙනෙකුට ම ආදරණීය සත්කාර කළ මාර්ටින් අය්යා සදහට ම දෙනෙත් පියාගෙනය. මේ යළි සිහිකරන ඔහු පිළිබදවූ අසිරිමත් මතක ගොන්නය.

 

මාටින් විජේසිංහ

සිංහරාජ වනාන්තරයට මායිම් වූ පෙතියකන්ද ගම්මානයේ සුවාරිස් විජේසිංහ සහ පොඩිඅංචි යුවළගේ වැඩිමල් දරුවා වූ මාර්ටින් 1939 දෙසැම්බර් 24 වැනිදා උපත ලැබූ බව කියැවේ. ඔහු කුඩව පාසලෙන් අට සමත්ව කරවිට පඤ්ඤානන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කෙරිණි.  අධ්‍යාපනයට දක්ෂ වුවත් අගහිඟකම් නිසා එය අතරමග නතර විය.

විවාහයෙන් පසු සිංහරාජයට ආසන්න කුඩව ප්‍රදේශයේ කුඩා නිවසක් සාදා එහි පදිංචි වූ මාර්ටින්  පුතුන් තිදෙනෙකුට සහ  දියණියන් තිදෙනෙකුට පියාණන් විය.  කුරුල්ලන් සහ ශාක පිළිබඳ කුඩා කල පටන් උනන්දුවක් දැක්වූ ඔහු සිංහරාජයේ මුරකරු බවට පත්වන්නේ 1972 දී ය. සිංහරාජ වනාන්තරය කැලෑ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කපා දැමීම ආරම්භ කළ කාලයේදී ය. 1977 දී එහි කැළෑ කැපීම රජය විසින් නවතා දැමුණු අතර එතැන් සිට  සිංහරාජය පිළිබඳ පර්යේෂකයන්ට, වන සංරක්ෂක නිළධාරීන්ට කැළේ ඇවිදින්නට මග පෙන්වන්නා වූයේ ද මාර්ටින් ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිංහරාජ වනාන්තරය පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා මුල් කාලීන ව එහි ගිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සාවිත්‍රී ගුණතිලක, මහාචාර්ය නිමල් ගුණතිලක, මහාචාර්ය බාලසුබ්‍රමනියම්, මහාචාර්ය සරත් කොටගම,  මහාචාර්ය පී ඩී කරුණාරත්න ආදීන්ට පළමුව සිය කුඩා නිවසේ නවාතැන් දෙමින්, ආහාර පානාදිය සංග්‍රහ කළ  මාර්ටින් වනාන්තරයේ ඇවිද යන්නට ඔවුන්ට සහාය විය. ඒ ගමන්වලදී එතෙක් තමා දැක හඳුනාගෙන තිබූ ගහ කොළ සතුන් ගැන ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් වැඩි තතු අසා දැන ගනිමින් ඔවුන් සමග ඒවා හදාරන්නට පටන් ගත්තේ ය. ඒ ඒ ගස්වලට, සතුන්ට ගම්මු කියූ නම් හා ඒවා පිළිබඳ තමා අත්දැකීමෙන් දන්නා දේ මාර්ටින් නොසඟවා මෙකී පර්යේෂකයින්ට කීවේ ය. ඒවා පිළිබඳ පර්යේෂකවරුන්ගේ සොයා ගැනීම් හා ජාත්‍යන්තර තොරතුරු ඔහු මෙකී ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් ඉගෙන ගත්තේ ය.

කැලේ දුර්ලභ ශාක පිළිබඳව විද්‍යාඥයින්ගේ පර්යේෂණවල තොරතුරු ඔහු ලියා රැස් කර ගනිමින් පසුව මුද්‍රණය කර පාසල් දරුවන්ට ඒ දැනුම බෙදා දුන්නේ ය.  මහාචාර්ය සරත් කොටගම සිංහරාජයේ සතුන් පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ කුරුල්ලන්ගේ හැසිරීම්, උන්ගේ ප්‍රජනන් කාර්ය පිළිබඳ ක්ෂේත්‍ර සටහන් ලිවීම් ද ඔහු සිදු කළේ ය.  සිංහරාජයේ ඇතුළත පිහිටි ගිනි පිටිගල, මුලාවැල්ල, සිංහගල, ගොන් ගල, දෝතළුගල, පතිනිගල යන සෑම කඳුගැටයක ම පර්යේෂකයන් සමග ඇවිද යමින් ඔහු එම පර්යේෂණ කාර්යයට සහාය විය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහු වෙත පවරා තිබූ රාජකාරිය වූයේ මෙකී පර්යේෂණ කටයුතු කළ ආචාර්ය, මහාචාර්යවරුන්ට ආහාර, නවාතැන් පහසුකම් සැපයීම  පමණි. එහෙත් එකී සත්කාර ඔහු උපරිම අයුරින් ඉටු කරන අතර ම වනාන්තරයේ ඔවුන් සමග යමින් පර්යේෂණ කටයුතුවලට සහ සම්බන්ධ විය. එයින් ඔහු ලද දැනුම සුවිශේෂ ය. සතුන්ට, ශාකවලට කියූ විද්‍යාත්මක නාමයන් ඔහුට පහසුවෙන් කටපාඩම් විය.

එම කාලයේදී ඉංග්‍රීසි භාෂා දැනුම ද ඔහු ළඟා කර ගත්තේ ය. පසුව පොතපත කියවීමෙන් එය වඩාත් තියුණු කර ගත්තේ ය. වසර විසි පහක රාජකාරි කාලය නිම කළ මාර්ටින් විශ්‍රාම යාමෙන් පසුව සිංහරාජයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට, පර්යේෂකයන්ට  නවාතැන් පහසුකම් සපයන ස්ථානයක් තමාගේම මහන්සියෙන් තනා ගත්තේ ය. ඔහු වඩුවැඩට දක්ෂයෙක් වූ නිසා එම නවාතැනෙහි මේස පුටු ඇඳන් පවා ඔහු තනිව ම හැදුවේ ය. එහි එක වරකට පාසල් ළමුන් පනහකට පමණ නවාතැන් ගත හැකිය. සංචාරකයින්ගේ පැමිණීමෙන් ඔහුට ආදායමකුත් ලැබුණි.

1993 ශ්‍රී ලංකා තිලක සම්මානයෙන් පිදුම් ලැබූ මාටින් විජේසිංහට කෙරෙන ගෞරවයක් ලෙස   සිංහරාජයට ආවේණික වූ වැල් වර්ගයක් “ඩයස්පෝරියි විජේසිංහ” යනුවෙන් නම් කෙරුණි. මාර්ටින් විජේසිංහ පිළිබඳ විද්වත් පර්යේෂකයින් දැක්වූ අදහස් මෙසේ ය.

ඔහු නැති පාඩුව අපට වඩා සිංහරාජයට දැනෙයි!

වර්ගීකරණ හා ස්වභාව විද්‍යාඥ මෙණ්ඩිස් වික්‍රමසිංහ.

“මාර්ටින් අයියාව දැනගෙන හිටියත් මා ඔහුව  සමීපව ඇසුරු කරන්න ගත්තේ වසර පහක පමණ සිටයි. මගේ පර්යේෂණ කටයුතුවලට සිංහරාජයට ගියාම අපි එහෙ නවතිනවා. කන්න බොන්න දීලා තමයි ඔහු කතාබහ කරන්න පටන් ගන්නේ.

ඔහු ගහකොළ ගැන පුදුම පරිස්සමක් තිබුණු කෙනෙක්. ඔහු සතුව තිබුණු පාරම්පරික දැනුම, විද්‍යාත්මක දැනුම අතිවිශාලයි. පවුලක් විදියට එහේ ගියාම අපේ දරුවො ගැන පවා ඔහුගේ පරිස්සමක් තිබුණා. අපට අවශ්‍ය පොත්පත්  ඔහු එකතු කරලා තිබුණා. සර්පයින් පිළිබඳව සුලබ දැනුමක් ඔහුට තිබුණා. සර්පයින්ගේ හැසිරීම ගැන, උන්ගේ විෂ තත්ත්වයන් පිළිබඳ ව සුලබ හා පාරම්පරික දැනුම ඒ පර්යේෂණවලටත් උදව්වක් වුණා.

“ගහකොළ මල් ගැන බොහෝ දේ ඔහු ඉගෙන ගෙන තිබුණා. වනාන්තරය ඇතුලේ ඇවිදින්න ඔහු හොඳ මඟ පෙන්වන්නෙක් වුණා. කෑමෙන් ඔහු උපරිමයෙන් සංග්‍රහ කළා. පිරිසිදු ම වතුර වීදුරු තිබුණේ මාටිං අයියා ළඟයි. ඔහු නැති අඩුව අපටත් වඩා සිංහරාජයට තදින් දැනෙනවා.”

ඔහු සිංහරාජයේම කොටසක් වගේ…

පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන

“සුළු කම්කරු සේවකයෙකු ලෙස රාජ්‍ය සේවයට එක් වුණු මාටින් විජේසිංහ ස්වයං අධ්‍යයනයන් ඔස්සේ ශාක හා සත්ව ප්‍රජාව තුළ තිබුණු විද්‍යාත්මක පසුබිම, ජෛව හා උද්භිත විද්‍යාත්මක වටිනාකම් ඥානනය කළා.  සිංහරාජයේ හමුවන ශාක පිළිබඳව විශේෂ අධ්‍යයනයක් කළ ඔහු ලංකාවට ආවේණික පක්ෂීන්, උන්ගේ චර්යාවන් පිළිබඳ නිරීක්ෂණයන් කළා. ඒවා  බොහෝ විද්‍යාඥයින්ට සහ පර්යේෂකයින්ට ප්‍රයෝජනවත් වුණා.

වනාන්තර බොහෝමයක සත්ත්ව හා ශාක පිලිබඳ සමීක්ෂණ කරන්නට ඔහුට හැකි වී තිබෙනවා. එහිදී දුර්ලබ ශාක සහ ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සතුන් හඳුනා ගැනුනා. ඔහු ගවේෂණය කළ බොහෝ තොරතුරු මුද්‍රිත මාධ්‍යයෙන් පළ කරමින් පාසල් දරුවන්ට, පර්යේෂකයන්ට, විද්‍යාර්ථීන්ට, විද්‍යාඥයින්ට ඒ දැනුම ලබාදීමට ඔහු කටයුතු කළා. ඔහු සිංහරාජ වැසි වනාන්තරය රැක ගන්න වෙහෙසුනා. මට දැනෙන්නෙ ඔහු සිංහරාජයේම කොටසක් විදිහට… ”

ඔහු  “වනස්පති“   ලෙස හැඳින්වීමට සුදුසුයි…

මහාචාර්ය සරත් කොටගම

“මාර්ටින් විජේසිංහ කියන්නේ උපාධි සහතික නැති වුණත් සැබෑ ම පාරිසරික විද්‍යාඥයෙක්. ඔහුට ශාකවල, සතුන්ගේ නම් හොඳට මතක හිටියා.  ඒ දැනුම නිසා විදේශිකයෝ විශාල වශයෙන් ඔහුගේ සංචාරක මධ්‍යස්ථානයට පැමිණියා. ඔහු අපේ පර්යේෂණවලට පුදුම විදිහට උදව් කළා. කුරුල්ලන්ගේ දත්ත වාර්තා සටහන් කර ගන්න ඔහු පුදුම දක්ෂයෙක්. ඔහුට ඒවා ගැන සැබෑ උනන්දුවක් තිබුණා.

මාර්ටින් සිංහරාජ වනාන්තය ආශ්‍රිත ගම්මානයක ඉපදී හැදීවැඩී සිංහරාජයට සේවය කළ කෙනෙක් නිසා සිංහරාජයත් එක්ක ඔහුගේ දැඩි බැඳීමක්, ළැදියාවක් තිබුණා. පාසල්වල, ගම්වල අපි කරපු වැඩමුළුවට ඔහු සම්බන්ධ වුණා. ඔහු ඒවායේදී දේශකයෙක් වුණා. පාසල් දරුවන්ට ඔහු දක්ෂ විදිහට ගහකොළ, සතුන්  ගැන කියා දුන්නා.

ඔහුට “වනස්පති”, “බොට්නි ප්‍රොෆෙසර්” වගේ නම් පවා පට බැඳුනේ ඒ තරම් ඔහු දක්ෂ නිසයි. ඒ විතරක් නෙවෙයි ඔහු හොඳ දක්ෂ වඩුවෙක්. ඔහුගේ පියා වඩුවෙක්. ඔහු කුඩා කාලෙදි ම මව මිය ගිහින්.   ඔහුගේ දෑතේ වැඩට ඉතා ම දක්ෂයි. ඔහුගේ නිවස ආශ්‍රිත ව පවත්වාගෙන ගිය පාරිසරික සංචාරක නවාතැනේ  ඇඳන්, සෑම සියලු දෙයක් ම ඔහු නිර්මාණය කළේ ඔහුගේ ම දෑතින්.

ඔහු වයස්ගත වීමෙන් පස්සෙ  විජේසෝම, ගුණසෝම යන ඔහුගේ පිරිමි දරුවන් කැලේ ඇවිදින කටයුතුවලට සම්බන්ධ වුණා. දූවරු නවාතැනේ වැඩ කළා. ඔහුගේ අභාවය අපි වගේ පාරිසරික සංචාරකයින්ට, ඒ ගැන ඉගෙනගන්න අයට පාඩුවක්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැනගනින්…. තොපි මරණවා… හොරෙන් විදුලිය ගත් මහරගම නගර සභා සභාපති පොලිසියට තර්ජනය කරයි!

Next Post

අවුරුදු 27ක පාර්ලිමේන්තු ජීවිතයේ මේ වගේ අශිෂ්ට මන්ත්‍රීවරු පිරිසක් මා දැක නෑ… මහින්ද අමරවීර.

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.