දැඩි තීරණයක් ගැනීමට පෙර කරුණාකර සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රිකට් පරිපාලනයට දන්වා සිටී.
ශ්‍රි ලංකා කණ්ඩායමේ නින්දාසහගත පරාජයට වගකිව යුත්තේ ක්‍රීඩකයන් නොව වසර 04ක් පුරා තේරීම් කළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනය යෙදෙන විධායක කමිටුවත් බව ඇමතිවරයා කියයි.
ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය අප රටට මුදල් ලබා දෙන්නේ ක්‍රීඩාවේ අභිවෘද්ධියට, ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් මත යැයි පවසන අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දිගින් දිගටම එම මුදල් අවභාවිත කරන්නේ ක්‍රීඩකයන්ට අවශ්‍ය මූලික පහසුකම් පවා ලබා නොදෙමින් බව කියයි.
ලෝක සම්මත දියුණු තාක්ෂණික විධි සඳහා යොමු නොවීම හේතුවෙන් ක්‍රීඩකයින් අබාධවලට ලක්වන බව පවසන ඇමතිවරයා කියන්නේ වර්ෂා දවස්වල පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෘහස්ථ ක්රීඩාංගාරයක්වත් පිහිණුම් තටාගයක්වත් නොමැති බවය.
තමන් විසින් ක්‍රිකට් ආයතනයට වර්ෂ 2018 දී එල්ල කළ මූල්‍ය අක්‍රමිකතා චෝදනා අදත් ඒ ලෙසම වලංගු බව පවසන ඇමතිවරයා එව නැවත වරක් එම චෝදනා තහවුරු කළ බවත් ප්‍රකාශ කරයි.