සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැඩි ඇප කොන්දේසි මත සිටින ධනුෂ්ක ගුණතිලකගේ ඉල්ලීමකට සිඩ්නි අධිකරණයෙන් අවසර…

by editor
දෙසැම්බර් 17, 2022
in පුවත්
Dhanushka

Dhanushka

Share on FacebookShare on Twitter

ස්ත්‍රී දූෂණ චෝදනා මත ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී බන්ධනාගාරගතව සිට දැඩි ඇප කොන්දේසි මත නිදහස් ව සිටින  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිඩ්නි නුරව ජීවිතය සම්බන්ධව යම් වෙනසක් වීමට නියමිත බව අධිකරණයෙන් වාර්තා වේ.

සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය හමුවේ ඊයේ (16)​ පෙනී  සිටි ධනුෂ්ක ගුණතිලක සිය නීතිඥයා හරහා  එක් නිදන කාමරයක් සහිත මහල් නිවාසයක තනිවම ජීවත් වීමට   අවසර දෙන ලෙස  අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඔහු ඉල්ලා සිටින ආකාරයට  සිඩ්නි හි තනිව ජීවත් වීම සඳහා ඔහුට පනවා ඇති  ඇප කොන්දේසි වෙනස් කිරීමට අවශ්‍ය බව   අධිකරණයේ දී ප්‍රකාශ විය.

“එයා කාත් එක්කවත් ජීවත් වෙන්නේ නැහැ. ඔහුට අවශ්‍ය  එක් නිදන කාමරයක් සහිත කුඩා නිවසක ඉන්න, ”ඔහුගේ නීතිඥ ඇලන් සහිනොවික් අධිකරණයට පැවසීය.

ධනුෂ්ක ගුණතිලකට  පසුගිය මාසයේ දී දැඩි කොන්දේසි පිට  ඇප ලැබිණි.   ඔහුට “ඩේටින් ඇප් “ හෝ සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් විය. දැඩි කොන්දේසි සහිත නිදහස ලබා දීමට පෙර ඔහු දින 11 ක් රිමාන්ඩ් භාරයේ සිටියේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සිඩ්නි නුවර ඇතුළු  බටහිර ප්‍රදේශයේ රෝඩ්ස් හි ධනුෂ්ක ගුණතිලක විසින් ඉදිරිපත් කර ඇති  නව ලිපිනය උසාවිය විසින් විමසා ඇත.

එම ස්ථානයකට යාමෙන් ගුණතිලකට “වර්තමාන පදිංචිය හා සම්බන්ධ දුෂ්කරතා” මඟහරවා ගැනීමට ද ඉඩ සැලසෙන බව උසාවියේ දී කියැවී තිබේ.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරයා තර්ක කර ඇත්තේ    මෙම වෙනස මගින් ගුණතිලකට “දිගු සහ දුෂ්කර” නීතිමය සටනක් සඳහා වඩාත් සුවපහසු වීමට ඉඩ සැලසෙනු ඇති බවය.

මේ අතර ධනුෂ්ක ගේ නව නිවසේ සිට  සිඩ්නි හි නැඟෙනහිර තදාසන්න ප්‍රදේශයේ වින්දිතයාගේ නිවසට “තවමත් සැලකිය යුතු දුරක්” නැති බව උසාවියේ දී කියැවිනි. .

“අදාළ අවදානම් ගැටලුවල කිසිදු වෙනසක් ඇති බවක් මට පෙනෙන්නෙ නෑ,” මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් පවසා ඇත.

ඇය ඇප කොන්දේසි සඳහා අදාල වෙනස ලබා දුන් අතර   ජනවාරි 12 දක්වා නඩුව කල් තැබුවාය.

ධනුෂ්ක ගුණතිලකගේ  විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන ඇත.    ඇප කොන්දේසියක්  ලෙස කිසිදු ජාත්‍යන්තර ගුවන්තොටුපලකට හෝ රටින් පිටවිමේ ස්ථානයක්  වෙත ඔහුට  ළඟා විය නොහැක.

සෑම දිනකම පොලිසියට වාර්තා කරන ලෙසත් රාත්‍රී ඇඳිරි නීතිය අනුගමනය කරන ලෙසත් ඔහුට නියෝග කෙරිණි.

ධනුෂ්ක ගුණතිලකගේ  ඇපයට ” ඔහුගේ මිතුරෙකුගේ මිතුරෙකු” විසින්   ඩොලර් 150,000 ක් සපයා තිබිණි.  ඔහු විසින්   තවත් ඩොලර් 50,000 ක ඇපයක් ලබා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස්නාහිර පාසල් 122ක් අවට කළ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය අලෙවි කළ 75ක් අත් අඩංගුවට…

Next Post

අවමංගල්‍යය රථ පමණක් ඇතුළු විය හැකි සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර්ගේ රථය ගියේ කොහොමද?…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.