සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවකු බවුසරයට යට වීම නිසා කුපිත වූ ගම්වැසියන් බවුසරයට ගිනි තබලා

by Lanka Sara Editor
ජූලි 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

මඩකලපුව වාලච්චේන රිදීතැන්න ඕමනියාමඩු ප්‍රදේශයෙ මාර්ගයක දූවිලි පාලනයට 29 වෙනිදා රාත්‍රී හතට පමණ වතුර ඉසමින් සිටි බවුසරයක් පිටුපසට ගමන් කිරීමේදි, බවුසර්ය පිටුපසින්, තම වැඩිමහල් සොයුරා සමග පැමිණි අවුරුදු 5 ක පිරිමි දරුවෙකු එම බවුසරයේ පිටුපස රෝදයට යටවී මියයෑමෙන් පසු, කුපිත වූ ප්‍රදේශවාසීන් එම බවුසර්යට සහ බවුසර්ය අයත් ප්‍රදේශයේ වැලි සමාගමක වාහන කීපයකට මෙන්ම එම වැලි සමාගමේ දේපලවලට හානි සිදුකර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ රිදීතැන්න දෙවනපාර, පූනානි, ලිපිනයේ පදිංචි සාදික් මොහොමඩ් ‍රූස්ති යන අවුරුදු පහක දරුවකු බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේය.

අනතුර සිදුවීමෙන් පසු රියදුරුට සහ එහි සහයකයාට පහරදී බවුසරයට කුපිත වූ පිරිස් ගිනි තබා ඇති අතර අනතුරට සම්බන්ධව බවුසරයේ රියදුරු සහ රියසහයක අත්අඩංගුවට ගෙන ඇති බවද ලසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් කීවේය.

අත්අඩංගුවට ගත් රියදුරු ‍ගල්ඔය රොටවැව ප්‍රදේශයේ පදිංචි තිස්එක් හැවිරිදි අයෙකු බවත්, රිය සහයක උල්පත්ගම හසලක පදිංචි අවුරුදු තිස්හයක් වයසැති පුද්ගලයකු බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් ප්‍රදේශයේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක වැව් ප්‍රතිසංස්කරණ වැඩ කටයුත්තකට පැමිණ, පිටරට මගින් වැලි ප්‍රවාහන කරන මාර්ගයේ ඇතිවෙන දූවිලි පාලනය කිරීමට බවුසර්ය මගින් වතුර ඉසිමින් සිට ඇත.

එහිදී බවුසරය පිටුපසින්,පාපැදියකින් මියගිය පිරිමි දරුවාගේ අයියා සහ දරුවා පැමිණ ඇති අතර බවුසරය පිටුපසට ගමන් කිරීමේදී ඔවුන් මෙම අනතුරට මුහුණදී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් රියදුරු සහ සහායකයා තිස්වෙනිදා වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවත් සහල් අපනයනය නවත්වයි… බිහිසුණු සාගත අවදානමක්… හැකි සෑම තැනම වවන්නැයි  කෘෂිකර්ම ඇමති කියයි!

Next Post

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම පළාත් මට්ටමෙන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.