බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දඬුවමට එරෙහිව එස්.එම්. රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේන අභියාචනාධිකරණයට…

by editor
අප්‍රේල් 3, 2025
in පුවත්
SM-RANJITH
Share on FacebookShare on Twitter

සිර දඬුවම් නියම වූ උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ ලේකම් ශාන්ති චන්ද්‍රසේන විසින් කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව  අභියාචනාධිකරණයට අභියාචනයක්  ඉදිරිපත් කර තිබේ.

දූෂණ චෝදනාවලට වරදකරුවන් වී   සිටින මේ දෙපලට කොළඹ මහාධිකරණයෙන්  වසර 16 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී ඇක.

අභියාචනා පෙත්සම් හරහා පෙත්සම් කරුවන් කියා සිටින්නේ අදාල නඩු විභාගයේ දී තමන් විසින් ඉදිරිපත් කළ  කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් සිය තීන්දුව ලබා දීමේදී සැලකිල්ලට ගෙන නැති බවත්, තමන් අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත්ය.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලසීමාව තුළ විත්තිකාර එස්.එම්.රංජිත් එම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියගේ වැටුප සමග ඉන්ධන දීමනාවක් එක් කර තිබියදී එය අභිබවා නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 26 කට අධික ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එස්.එම්. රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේන යන අයට එරෙහිව ‘දූෂණය’ නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබිණි.

මෙසේ අවභාවිතා කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 16,784 ක් බව නඩු විභාගයේදී අනාවරණය විය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ චෝදනා හයක් ගොනුකර තිබූ බවයි.

ඉන් චෝදනා දෙකකට විත්තිකරුවන් වරදකරු කරන බව විනිසුරුවරයා සඳහන් කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා “වෙනත් අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය මෙම සිද්ධියේදී අනුගමනය කිරීමට හැකියාවක් නැහැ. මෙම නඩුකරය තුළින් අනාවරණය වන්නේ ආර්ථික අපරාධයක්. පළමු වන විත්තිකරු මහජන නියෝජිතයකු වශයෙන් තේරී පත්වූ අයෙකු වන අතර ඔහු මහජනතාවට වගකිව යුතු ආකාරයෙන් කටයුතු කිරීමට බැඳී සිටිනවා. දූෂණ ක්‍රියා නිසා රටේ ආර්ථිකයටත් අහිතකර බලපෑම් එල්ල වෙනවා. පසුගිය කාලයේ අපේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මේ නිසා අපේ රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වුණා. මෙවැනි ආර්ථික අර්බුදවලට රට තුළ සිදුවන දූෂණ ක්‍රියාත් බලපානවා. එම නිසා මෙවැනි චෝදනා එල්ල වන මහජන නියෝජිතයින්, රජයේ නිලධාරීන් හා අධිකරණ නිලධාරීන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට සිදුවෙනවා” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මෙම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට හැකියාව පවතින බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක්!

Next Post

මර්වින් 09 දක්වා යළි රිමාන්ඩ්… සැඟවී ඉන්න ප්‍රසන්න රණවීරගේ දේපල රාජසන්තක කිරීම සලකා බැලීමත් එදිනට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.