ශ්‍රියානි විජේසිංහ –
ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ ලීනියර් ඇක්සලරේටර් පිළිකා විකිරණ ප්‍රතිකාර කටයුුතු ඇනහිටීම හේතුවන් දකුණු පළාතේ පිළිකා රෝගින්ගේ ප්‍රතිකාර මුළු මනින්ම ඇනහිට ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙසේ ප්‍රතිකාර නතර කිරිමට හේතු වී ඇත්තේ යන්ත්‍රය ස්ථාපිත කර තිබෙන ඒකකයේ සිසිලන පද්ධතියේ ඇතිව තිබෙන දෝෂයක් නිසා යැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරයි.
ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය සඳහා උෂ්ණත්ව සහ ආර්ද්‍රතාව පාලනය කළ යුතු අතර ඒ සඳහා වායුසමීකරණ යන්ත්‍ර සහ සිසිලන යන්ත්‍ර භාවිත කරනු ලැබේ. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව ප්‍රශස්ත මට්ටමේ නොපවතින්නේ නම් යන්ත්‍රයෙන් ප්‍රතිකාර කටයුතු සිදුකළ නොහැකි බවද හෙතෙම පෙන්වාදේ.
ලංකාවේ රෝහල් පද්ධතිය තුළ ලීනියා ඇක්සලරේට ප්‍රතිකාර යන්ත්‍ර 10ක් ස්ථාපිත කර ඇති අතර අපේක්ෂා රෝහල සතු යන්ත්‍ර 5න් 1 ක් යන්ත්‍රයක් ද, මඩකලපුව සහ යාපනය ශික්ෂණ රෝහල් තුළ පවතින යන්ත්‍රද ස්ථාපිත කර තිබෙන ගොඩනැගිලිවල වායු සමීකරණ සහ සිසිලන පද්ධතියේ තිබෙන දෝෂ හේතුවෙන් බරපතල අර්බුදයන්ට ලක්ව ඇති බව පැවසේ.
මෙම යන්ත්‍රවලට අවශ්‍ය උෂ්ණත්වය සහ අර්ද්‍රතාවය නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් යන්ත්‍රවල කල්පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල වී ඇති අතරම රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද සභාපතිවරයා පැවසුවේ.
යන්ත්‍රයක් අද වන විට මිල කෝටි 80ක් වුවද මේ යන්ත්‍රවල තිබෙන දෝෂ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් නිසි පරිදි දැනුවත් කර ඇතත් අදාල බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයන් ගෙන නොමැති බවද සභාපතිවරයා චෝදනා කරයි.
මෙම යන්ත්‍රවල පවතින ගැටලුව ඉතා ඉක්මනින් විසඳා රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සහ ලේකම්වරයාගෙන් සංගමය ඉල්ලා සිටින අතර එසේ නොවුණහොත් රෝගීන්ට ලක්ෂ 5 – 17 වැනි මුදලක් ගෙවා පෞද්ගලික අංශයෙන් මෙම පරික්ෂණයන් කර ගැනීමට නොහැකිව ජිවිත අනතුරට පත් කර ගැනීමට සිදුවනු ඇති බවද පෙන්වාදේ.







