පසුගිය ඔක්තෝබර් 03 වනිදා දංඕවිට ප්‍රදේශයේ මත්පැන් අලෙවි සළක් කොල්ල කා පළා යමින් සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි එක් සැකකරුවකු අද සවස මියගොස් අති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම කොලල්කරුවන් පළා යාමේදී ලුහුබැඳි පොලිසිය එල්ල කළ වෙඩ් ප්‍රහාර මැද පළා ගිය සැකකරුවන් තිදෙනා එම වෑන් රථයෙන් වත්තල හුණුපිටිය ප්‍රදේශය දක්වා ගොස් ඔවුන් පලා ගිය වෑන් රථය එහි දමා වාහන දමා ත්‍රි රෝද රියකින් රාගම රෝහල වෙත ගොස් ඇතුළු වී තිබුණි. මේ අතර සිටි මුස්ලිම් ජාතික සැකකරුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර ඔහුද හුණුපිටිය පුදේශයේ පදිංචිකරුවකු බව සඳහන් වේ.
මෙම කොල්ලකරුවන්ට වෙඩි කැබීමේදී සිදුවූ අත්වැරදීමකින් අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් කරමින් සිටි 29 හැවිරිදි තරුණියක්ද වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියාය.







