සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් අවුලේ ඇත්ත නැත්ත ගම්මන්පිල පාර්ලිමේන්තුවේ දී කියයි!

දකුණු ආසියාවෙ අඩුම ඉන්ධන මිල අපි... අඩුම ඉන්ධන මිල ඇති රටවල් අරත අපි ලෝකයෙන්ම 22ක....

by editor
පෙබරවාරි 23, 2022
in පුවත්
Udaya-Gammanpila
Share on FacebookShare on Twitter
  • ලෝක වෙළෙඳපලේ තෙල් මිල සියයට 38කින් වැඩිවෙලා… ලංකාවෙ අපි තෙල් මිල වැඩි කරන්නෙ නෑ…

  • මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 1000යි… තෙල් විදයම ඩොලර් මිලියන 500යි. මේ තත්වය ඇත්තටම  විශාල අර්බුදයක්…

  • ඊයේ විශේෂ කැබිනට් රැස්වීම අතර තුර භාණ්ඩාගාර ලේකම්වරයා ලංකා බැංකුවට උපදෙස් දීලා විදේශ විනිමය නිකුත් කර ඩීසල් නැව නිදහස් කරගත්තා… දැන් ඩීසල් ගොඩබානවා…

  • මුහුදෙ තියන පෙට්‍රල් නැවට විදේශ  විනිමය මුදල් ඇමති බැසිල් දෙන්නම් කිව්වා…

ඉන්ධන මිල ඉහළ නොදැමීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කිරීමත් සමග දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල වාර්තාවන රට ශ්‍රී ලංකාව බව බලශක්ති ඇමති  උදය ගම්මන්පිල අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ලෝකයේ තෙල් මිල පෙළ ගැස්වූ විට අඩුම රටවල් 22 අතර ලංකාව සිටින බවත් ලංකාවට ඉහළින් ඇති රටවල් 21ම තෙල් නිශ්පාදනය කරන රටවල් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඊයේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුර  දී  භාණ්ඩාගාර ලේකම්වරයා ලංකා බැංකුවට උපදෙස් දී  මුදල් නිකුත් කිරීමත් සමග මේ වනවිට    ඩීසල් නැවත් ගොඩ බෑම ආරම්භ කර අයුරුත්, පසුගිය  සෙනසුරාදා උදේ බැංකු විවෘත කරගෙන  ණයවර ලිපි නිකුත් කිරීමෙන් පසු සඳුදා උදේ සිට එක පෙට්‍රල් නැවක් ගොඩබෑම ඇරඹුණු බවත් ඇමතිවරයා කීවේය.

දැනට මුහුදේ ඇති ඉතිරි පෙට්‍රල් නැව ගොඩබෑම සඳහා විදේශ විනිමය ලබා දෙන බවට මුදල් ඇමතිවරයා පොරොන්දු වී ඇති නිසා එම නැව ඉදිරි දින කීපය තුළ ගොඩබෑමට හැකිවනු ඇති බවත් බලශක්ති ඇමතිවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔහු මෙසේ ද පැවසුවේය.

අද මිල අනුව මාසෙකට ඩොලර් මිලියන 500ක් තෙල්වලට වියදම් වෙනවා. මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 1000යි. අපනයන ආදායෙමන් සියයට 50ක් ඉන්ධන සඳහා වැය කරන්න සිදුවීම මත ඉන්ධන ආනයනය අභියෝගයක් බවට පත් වෙලා තියනවා.

අද රටේ තියන ප්‍රශ්නය ඉන්ධන හිඟයක්, ඖෂධ හිඟයක්, හෝ යකඩ සිමෙන්ති හිඟයක් නොවෙයි. විදේශ විනිමය හිඟය.

මේ මොහොතේ ඩීසල් හිඟයක් රටේ තියනවා. පහුගිය දවස් පහේදිම අපට තිබුණෙ අවසාන නැව නිදහස් කිරීමේ ගැටලුව නිසා සීමිත තොග තමයි නිදහස් කළේ. ඩීසල් හිඟයක් තිබුණා රට පුරා. ඒක ඇත්තක්.

එහෙත් තෙල් මිල වැඩිවීමක් සිදුනොවන බව ඇමතිවරයා පැවසුවේය.

පෙබරවාරි 05  LIOC සමාගමේ මිල වැඩිවීමත්, තෙල් සංස්ථාවෙ සභාපති දැවැන්ත මිල වැඩිවීමක් ප්‍රසිද්ධියෙ ඉල්ලා සිටීමත් නිසා බොහෝ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් ඒ දැවැන්ත මිල වැඩිවීම  අපේක්ෂාවෙන් තොග සඟවා තැබීමක් සිදුකරලා තිබුණා. ඒක ඇත්තක්.

අපි අවසාන වතාවට තෙල් මිල වැඩි කළේ දෙසැම්බර් 20. ඒ වනවිට ග්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි. ඊයේ වනවිට   ඩොලර් 99 තෙක් බොර තෙල් බැරලය ඉහළ නැග්ගා. යුක්‍රේන රුසියානු ගැටුමේ තීව්‍රතාවය මත බොහො විට  අද වනවිට ඩොලර් 100 වේවි. අපි ඊයෙ මිල බැලුවොත් දෙසැම්බර් 20 ඉඳලා මේ වෙනකම් සියයට තිස් අටකින් ලෝක වෙළෙඳ පලේ තෙල් මිල ඉහළ ගිහින් තියනවා. .

නමුත් ලංකාවෙ මිල වැඩිවීමක් කළේ නෑ. ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තෙල් මිල වැඩි නොකර සිටීමේ තීරණයක් ගත්තා.

රටේ ජනතාවගේ දැනගැනිම පිණිස කියන්න ඕන.. මේ මොහොතෙ දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල තියෙන්නෙ ලංකාවෙ. ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායමක් සහිත ඉන්දියාවෙ ඩීසල් මිල ලංකාවෙ මිලට වඩා දෙගුණයකට   වැඩියි.

සමස්ථ ලෝකය බැලුවත් ලංකාව 22වැනියට තෙල් මිල අඩුම රට ලෙසයි වාර්තා වෙන්නේ.  ලංකාවෙ උඩින් තියන රටවල් 21ම යහමින් තෙල් නිශ්පාදනය කරන රටවල්.

මේ අවස්ථාවේ දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රශ්නයක් මතුකරමින්  තෙල්  බැරලය ඩොලර් 100ට අද වැඩිවිය හැකි වීම යථාර්ථයක් බවත්  ඊලඟ මාස තුන  සඳහා ඉන්ධන ලබා ගැනීමටට රටට හැකියාවක් තිබේදැයි බලශක්ති ඇමතිවරයාගෙන් විමසා සිටියේය.

එහිදී බලශක්ති ඇමති උදය ගම්මන්පිල කීවේ මෙසේය.

අඛණ්ඩ මිල වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. මාර්තු මැද වනවිටයි අප බොරතෙල් බැරලයක් ඩොලර් 100 වෙයි කියලා හිතුවේ. ඒ මිල වැඩිවීම පෙබරවාරි මැද දි සිදුවුණා. මාර්තු මැද වනවිට අනිවාර්යයෙන් බොරතෙල් බැරලය  ඩොල් 115 තෙක් වැඩිවේවි.

මේ අභියෝගය නිසාම මාසෙකට ඩොලර් මිලියන 1000ක් උපයලා මිලියන 500ක් තෙල්වලට වියදම් කිරීම අභියෝගයක්. අප රටවල් ගණනාවකින්ම දිගු කාලීන නය පහසුකම් ඉල්ලලා තියනවා. මාර්තු 15 තෙල් නිශ්පාදනය කරන සියලුම රටවල තානාපතිවරුන්ව  කැඳවලා දිගුකාලීන ණය පහසුකම් යටතේ ඉන්ධන ආනයනය සඳහා සාකච්ඡා කරනවා.

මේ මොහොතේ ඇත්තෙන්ම ඉන්ධන සඳහා මුදල් වෙන් කිරීම අභියෝගයක්.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෛත්‍රීගේ ශ්‍රී.ල.නි.පයෙන් අස්වුනු ජීවන් වෙල්ගමලා ගේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වෙයි….

Next Post

වනිඳුට තවම කොවිඩ්… ඉන්දීය සංචාරය අහිමි වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.